Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝහල් වෙත එන කොවිඩ් රෝගීන් අපහසුතාවයට පත්වන්න ඉඩ නොතබන්න! [VIDEO]

  ගතවූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා තිබේ. මේ සෑම එකකටම අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇත. සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස ව...

 


ගතවූ මාසය තුළ රට පුරා උද්ඝෝෂණ 120ක් පවත්වා තිබේ. මේ සෑම එකකටම අවම වශයෙන් 1500කට අධික පිරිසක් සහභාගී වී ඇත. සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද මෙලෙස වූ ජන ඒකරාශි වීම රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්දන විශේෂඥ කමිටු රැස්වීමේදී බුද්ධි අංශ විසින් පෙන්වා දී තිබෙනවා.


කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද උපදෙස් ලබාදෙනු ලැබුවා.


කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී ඇත.


එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ.

VIDEO

lankacnews

No comments

Ads Place