Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මරික්කාර්ට කට උත්තර නැතිවෙයි – මිලිටිරීකරණය ගැන පච කියන්න ඇවිත් මාධ්‍ය හමුවෙන් නැගිට යයි! [VIDEO]

  අධ්‍යාපනය මිලිටිරීකරණය කරන බවට විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම විවේචන එල්ල කරන අතර එය රජයට එරෙහි සටන් පාඨයක් බවට භාවිතා කරන්නට ඔවුන් විවිධ අක...

 


අධ්‍යාපනය මිලිටිරීකරණය කරන බවට විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම විවේචන එල්ල කරන අතර එය රජයට එරෙහි සටන් පාඨයක් බවට භාවිතා කරන්නට ඔවුන් විවිධ අකාරයෙන් කටයුතු කරමින් සිටී. කෙසේ නමුත් මෙරට විනය ගරුක හමුදාවන්ගේ ක්‍රියාකාරීත්වය බංකොලොත් දේශපාලකයින්ගේ විවේචනයට ලක්වුවත් සාමාන්‍ය ජනතාවගේ නිබඳ අගයකිරීම් වලට ලක්වෙමින් ඇත.


එදා 30 අවුරුදු යුද්ධයෙන් රට සහ ජනතාව බේරාගත් ඔවුන් අද කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට කටයතු කරමින් සිටින අතර එන්නත්කරන කටයුතු වලදීද සෞඛ්‍ය අංශ වලට විශාල සහයෝගයක් ලබාදෙමින් ලොව වේගවත්ම එන්නත්කරණය කරන රටක් බවට මෙරට පත්කිරීමට උරදී කටයුතු කරයි.


මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී එස්.එම්. මරික්කාර් මහතා සුපුරුදු පරිදි මිලිටිරීකරණය විරුද්ධව මත පළකරමින් හමුදා හා පොලිස් ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් එහි අඩුපාඩු පවසන්නට කටයුතු කල අතර රට මිලිටිරීකරණයට විරුද්ධ බවට මත පලකරන ලදී ඒ හේතුවෙන් රට මිලිටිරීකරණය කරන කොතලාවල විශ්ව විද්‍යාල පනතටද විරුද්ධ බව පවසන ලදී.


එහිදී ඔහුගෙන් ප්‍රශ්න කල මාධ්‍යවේදියකු අසා සිටියේ හමුදාව මේ මොහොතේ වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට කරනා මෙහෙය පිලිබඳවය. ඒ ප්‍රශ්න හමුවේ කටඋත්තර නැතිව ගිය මරික්කාර් මාධ්‍ය හමුවෙන් පැනගිය හැටි පහතින් නරඹන්න…

VIDEO

noizetv

No comments

Ads Place