Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් මරණ සහ ආසාදිතයන් ගැන නිවැරදි දත්ත වාර්තා වන්නේ නෑ – PHI සංගමයේ සභාපති

  මෙරට කොවිඞ් මරණ සහ රෝගීන් පිළිබඳව නිවැරදි දත්ත තවමත් වාර්තා වන්නේ නැතැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ...

 


මෙරට කොවිඞ් මරණ සහ රෝගීන් පිළිබඳව නිවැරදි දත්ත තවමත් වාර්තා වන්නේ නැතැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය.


සමාජය තුළ කොවිඞ් රෝගීන් සියයට තිහක් (30%) පමණ සිටින බවට පුරෝකථනය වන බවත් පීසීආර් සහ ඇන්ටිජන් ප‍්‍රමාණය නිශ්චිතව ප‍්‍රකාශ නොවන නිසා රෝගීන් වාර්තා වීමේ අඩු වැඩිවීම් වාර්තා වන බවත් ඔහු කීය.


වගකිවයුතු අංශ මගින් අවුරුදු 60 ට වැඩි පිරිසට එන්නත් කර අවසන් බව ප‍්‍රකාශ කළත් සමහර ග‍්‍රාමසේවා වසම්වල එවැනි අයට එන්නත්කරණයක් සිදුව නැති බවට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට වාර්තාවී ඇති බවද ඒ මහතා පැවැසීය.


රටට ගෙනඑන එන්නත් ප‍්‍රමාණය අනුව ජාතික මට්ටමින් එන්නත්කරණය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් නිවැරදි දත්ත ඉදිරිපත් කළත් දිස්ති‍්‍රක්ක මට්ටමින් ඉදිරිපත් කරන වාර්තා නිවැරදි නැතැයිද හෙතෙම කීවේය. වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවැසීය.


සංචරණ සීමා පැනවීම නිසා කොවිඞ් රෝගීන් වාර්තාවීමේ අඩුවක් සිදුවනවා දැයි නිවැරදිව කියන්න බැහැ. ඒකට හේතුව තමයි සෞඛ්‍ය වෛi නිලධාරී කොට්ඨාස මට්ටමින් නිවැරදි වාර්තා ලබා දුන්නද ඒවා ජාතික තලය වෙත නිවැරදිව ගණනය නොවීමයි. දිනෙන් දින සිදුකරන පීසීආර් වාර්තා ප‍්‍රමාණය අනුව රෝගීන් වාර්තා වීමේ අඩු වැඩිවීම් සිදුවනවා. ඒ කියන්නේ අඩුවෙන් පරීක්‍ෂණ කළොත් එදිනට වාර්තාවන රෝගීන් ප‍්‍රමාණය අඩුවෙනවා. රෝගීන් අඩුකර ගැනීමට අවශ්‍යම නම් දැඩි සංචරණ සීමා පැනවීම සිදුකළ යුතුයි.


ඇතැම් එන්නත්කරණ මධ්‍යස්ථානවල දැඩි තදබදයක් ඇතිවන අවස්ථා වාර්තා වෙනවා. එසේ වන්නේ සීතල කාමරවල සිටිනා ඇතැම් නිලධාරීන් ඕනෑම මධ්‍යස්ථානයකට ගොස් එන්නත් ලබා ගැනීමට හැකි බව ප‍්‍රකාශ කිරීම නිසයි. එය නිවැරදි ප‍්‍රකාශයක් නොවෙයි. සෞඛ්‍ය වෛi නිලධාරි කාර්යාලවලින් එන්නත්කරණය සඳහා එන්නත් එවන්නේ අදාළ කොට්ඨාසයේ ජනතාවට අවශ්‍ය ප‍්‍රමාණයටයි. ඇතැම් නිලධාරීන්ගේ ප‍්‍රකාශ නිසා අදාළ නොවන ප‍්‍රදේශවල ජනතාවද එන්නත් ලබා ගැනීමට පැමිණීමෙන් මේ තත්ත්වය ඇතිවී තිබෙනවා.


එන්නත් මධ්‍යස්ථානවලට වෙනත් ප‍්‍රදේශවලින් ගොස් එන්නත් ලබා ගන්නේ වැරදි ආකාරයට එන්නත් කරන පිරිසට එරෙහිව හරි හැටි නීතිය කි‍්‍රයාත්මක නොවීම නිසයි. එසේ සිදුවනවා නම් මෙම කි‍්‍රයාවලින් නතර කර ගැනීමටද හැකිවෙනවා.

devaina

No comments

Ads Place