Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපි දිගටම Online වර්ජනයේ.. අපට සල්ලි ඔ්නෑ..- ගුරු දේව ලේකම්..

  ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට වහා විසඳුමක් ලබාදීමට අද දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලය පියවර ගත යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින...

 


ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට වහා විසඳුමක් ලබාදීමට අද දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලය පියවර ගත යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ දරුවන් සිසු දරුවන්ට ඉගැන්වීමේ ක්‍රම වලින් ගුරුවරුන් ඉවත් වී සිටින බවත් තම ගැටලුව විසඳන්නේ නම් පමණක් එය සඳහා නැවත අවතීර්ණ විය හැකි බවත් පවසන ඔහු අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයද පිළිනොගන්නා බව කියා සිටියේය.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු කිරීමට නම් ගුරුවරුනට ඒ සදහා වැයවන මුදල් ලබා දිය යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

lankacnews

No comments

Ads Place