Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති ජාතිය අමතා සිදුකරනු ලබන ප්‍රකාශය (LIVE)

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය...  VIDEO කොරෝනා වසංගත මැඩ පැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ...

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය... 

VIDEO

කොරෝනා වසංගත මැඩ පැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, වෛද්‍ය විශේෂඥයින්ගේ මෙන්ම ලෝකයේ සම්මතමතයයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට එන්නත් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේදී තමන් විශේෂ උනන්දුවක් ගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. 


චීනය, ඉන්දියාව වැනි රටවල රාජ්‍ය නායකයින්ට තමන් පෞද්ගලිකව කතා කරනු ලැබු බවත් ඒ වගේම තවත් රාජ්‍ය නායකයින්ට ලිපි යවමින් ද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ දුත කාර්ය මණ්ඩල හරහා එන්නත් නිෂ්පාදනය කරනු ලබන රටවල් සමග සම්බන්ධ වෙමින් එන්නත් ලබා ගැනීමට කටයුතු කරනු ලැබු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.


එමෙන්ම එම උත්සහයේ ප්‍රථිපලයක් ලෙස මේ වන විටසෑම මසකම ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් සෑම මසකම ලැබෙමින් පවතින බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.


ශ්‍රී ලංකාවට පළමුව ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලැබූ බවත්, දෙවනුවට චීනයෙන් සයිනෝෆාම් එන්නත ලැබුවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදීම මසකින් ප්‍රමාද වු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ. කෙසේ වෙතත් පසුගිය මැයි මස 08 වෙනිදා සිට සයිනොෆාම් එන්නත අඛන්ඩව ජනතාවට ලබාදීමට හැකියාව ලැබු බව ජනාධිපතිවරයා සඳහන් කළා.


අමෙරිකාවෙන් ෆයිසර් සහ මොඩර්නා එන්නතත්, ජපානයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ රුසියාවෙන් ස්පුට්නික් එන්නත් ලැබී තිබෙන නිසා ලෝකයේ එන්නත් ලබා දෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉහලින්ම සිටින බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

No comments

Ads Place