Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ICU වල අවශ්‍ය එන්නත් දැඩි හිගයක්..

  කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකක වලට ඇතුළු කරන පුද්ගලයන්ට අවශ්‍ය වන එන්නත්වල හිගයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමය...


 කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකක වලට ඇතුළු කරන පුද්ගලයන්ට අවශ්‍ය වන එන්නත්වල හිගයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමය ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය නිසා රෝගීන් ගේ ජීවිතවල දැඩි අවදානමක් මතුව ඇති බවයි.

දැඩි සත්කාර ඒකකවල රෝගීන්ට කෘතිම ශ්වසනය අවශ්‍ය කරන අවස්ථාවන්හිදී ලබා දෙන එන්නත් හිගයක් ඌව පළාත් මහ රෝහලේ පවතින බව නිර්වින්දන වෛද්‍යවරුන් විසින් ලිඛිතව දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම එන්නත් උග්‍ර හිඟයක් පවතින බවත් මධ්‍යම ඖෂධ ගබඩාවේ පවා එන්නත් නැති තත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු කියා සිටියේය.

අසාධ්‍ය පුද්ගලයන් සඳහා මෙම එන්නත් අවශ්‍ වනය බවත් පැවසූ ඔහු එම අවශ්‍යතාවය සහිත රෝගීන් වැඩි වුනොත් ඉතා අවාසනාවන්ත තත්ත්වයක් ඇති විය හැකි බවද පැවසීය.

බදුල්ල රෝහලේ පමණක් නොව සෙසු රෝහල්වල තත්ත්වයද මෙය බවත් වගකියයුතු යුත්තන් මේ පිළිබඳව පියවර නොගතහොත් දැඩි අර්බුදයක් ඇති වනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

lankacnews

No comments

Ads Place