Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

EXCLUSIVE : කොරෝනා වසංගතයෙන් රට බේරා ගැනීමට ජනතාවගේ සහය අත්‍යවශ්‍යයි : දිර්ඝ කාලයක් රට වසා තැබීම ප්‍රායෝගික නැහැ - අගමැති

මේ වනවිට රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් රට බේරා ගැනීම සදහා මේ මොහොතේ ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධා...


මේ වනවිට රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් රට බේරා ගැනීම සදහා මේ මොහොතේ ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරනවා. ඒ, නෙත් නිවුස් සමග අරලියගහ මන්දිරයේදී අද උදෑසන පැවති හමුවකදීයි. 


එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දීර්ඝ කාලීනව රට වසා තැබීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බවයි. ඒ අනුව රට යළි විවෘත කරන අවස්ථාවේදී ජනතාවද වඩාත් වගකීමෙන් කටයුතු කළයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අද ප්‍රකාශ කළා.  


සෞඛ්‍ය, ආරක්‍ෂක ඇතුළු කොරෝනා මර්දන කටයුතුවලට එක්ව සිටින ප්‍රමුඛ පෙළේ කණ්ඩායම දිවි දෙවනි කොට තබා මේ වනවිට සිය කාර්යභාරය ඉටුකරමින් සිටිනවා. එවන් පසුබිමක ජනතාවටද රට වෙනුවෙන් සිය සහය පළ කිරීමට මෙය හොදම අවස්ථාව බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

nethnews

No comments

Ads Place