Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති විමලවීරගේ මේ මස වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදලට!

 තමාගේ මේ මස දීමනාවෙන් අඩක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව වනජීවී රාජ්‍ ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය. එම මුදල කොවිඩ්...


 තමාගේ මේ මස දීමනාවෙන් අඩක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව වනජීවී රාජ්‍ ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය.


එම මුදල කොවිඩ් අරමුදලට අද හෙටම බැර කරන බවද හෙතෙම සඳහන් කළේය.


තමාටම කියා නිවෙසක් ඉඩමක් හෝ වෙන කිසිම දේපලක් හෝ නොමැති තමා මෙම පරිත්‍යාගය කිරීමට සිතුවේ කොවිඩ් වසංගත තත්වය හමුවේ රජය මුහුණදී සිටින දුෂ්කරතාව සැලකිල්ලට ගෙන යැයි පැවසූ දිසානායක මහතා දරුණු වසංගතයක් පවතින මොහොතක වැටුප් ඉල්ලා හඩ නගන අයට කිසියම් පණිවුඩයක් ලබා දීමටද තමා මෙමගින් බලාපොරොත්තු වන බව පැවසුවේය.


රට මුහුණ දී ඇති මෙම වසංගත තත්වය හමුවේ සියලු දෙනා තමන්ට හැකි ආකාරයට දායක වීම වැදගත් බවද රට වසන්නැයි හඬ නගන කිසිවකු හෝ මේ අවස්ථාවේදී රටේ දියුණුවට කිසියම් හෝ කැපකිරීමක් කිරිමට ඉදිරිපත් නොවීම කනගාටුදායක බවද විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේය.


තමා කිසියම් අසනීප තත්වයකින් පෙළෙන පුද්ගලයකු බවත් තමා සන්තකයේ තිබූ එකම වාහනයද ඒ අසනීප තත්වය සුව කර ගැනීම සඳහා පසුගියදා විකුණා දැමු බවත් ඔහු කීවේය.


කොවිඩ් වසංගත තත්වය හමුවේ රට දැඩි පීඩනයක සිටින හෙයින් මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනා පක්ෂ පාට කණ්ණාඩි පසෙක දමා එකාවන්ව ඒකරාශී විය යුතු බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

noizetv

No comments

Ads Place