Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියල ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රුපියල අවප්‍රමාණය කරන ලෙස බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලීමක් කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. වහාම බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල...


රුපියල අවප්‍රමාණය කරන ලෙස බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලීමක් කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. වහාම බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කරන ලෙස බලපත්‍රලාභී බැංකුවලට නිල වශයෙන් දැනුම් දී ඇති බවට පණිවිඩ හුවමාරු සිදුවන ආකාරය නිරීක්ෂණයට ලක්ව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.


කෙසේ වෙතත් එවැන්නක් සඳහා කිසිදු පදනමක් නොමැති බවත්, විනිමය අනුපාතය තීරණය කිරීමේදී මහ බැංකුව සිය ස්ථාවරයේ හෝ මෙහෙයුම් විධිවිධානයන්හි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත් මහ බැංකුව අවධාරණය කරනවා.


සමාජ හා සාම්ප්‍රදායික මාධ්‍ය හරහා සංසරණය වන අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

nethnews

No comments

Ads Place