Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනතා හැසිරීම හොඳ නැත්නම් රට වැහුවාට වැඩක් නැහැ

 ජනතාව නිසි ලෙස සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැත්නම් රට වැසීමෙන් පමණක් කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනා...


 ජනතාව නිසි ලෙස සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැත්නම් රට වැසීමෙන් පමණක් කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (27 දා* පැවසුවාය.


 ඩෙල්ටා ප‍්‍රභේදය වේගයෙන් පැතිර යන බැවින් සියලූදෙනා එන්නත් ලබා ගැනීම වැදගත් බව ද ඇය කියා සිටියාය.


 මෙහිදී තවදුරටත් කතාකළ රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද කීවාය. ‘‘ඩෙල්ටා ප‍්‍රභේදය වේගයෙන් පැතිරෙන වෛරසයක්. සියලූම ජනතාව තම තමා ආරක්‍ෂා වෙනවා නම් මම හිතන්නේ මේකේ පැතිරීම තවදුරටත් අපිට පාලනය කරගන්න පුළුවන්. තවමත් එන්නත ලබා ගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තියෙන සායනයට ගිහින් එන්නත ලබා ගන්න. එන්නත් වර්ගය හොය හොයා ඉන්න එපා. ලංකාවේ තිබෙන සියලූම එන්නත් ඩෙල්ටා ප‍්‍රභේදයට ආරක්‍ෂාව දෙනවා. ඒ බව විද්‍යාඥයෝ තහවුරු කරලා තිබෙනවා.


 ‘‘රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහගත්තේ නැත්නම්, අර සෞඛ්‍ය උපදෙස්ටික පිළිපැද්දේ නැත්නම් මීටරයේ දුර තියාගත්තේ නැත්නම් අනවශ්‍ය විදිහට සෙනඟ ඉන්න තැන්වලට යනවා නම් මේ කොවිඞ් පැතිරෙන එක නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන වගකීමක්.

devaina

No comments

Ads Place