Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එස්. එල්. සී. ආරාධිත විස්සයි විස්සේ පළමු දිනය වැස්සට යටවෙයි… අතහැර දැමුණු තරග දෙක අද පැවැත්වේ

  මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයට ඊයේ (12 වැනිදා* දහවල් සිට ඇද වැටුණු වර්ෂාව හේතුවෙන් එස්. එල්. සී. ආරාධිත විස්සයි විස්ස කි‍්‍රකට්...

 


මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයට ඊයේ (12 වැනිදා* දහවල් සිට ඇද වැටුණු වර්ෂාව හේතුවෙන් එස්. එල්. සී. ආරාධිත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක තරග දෙකම එකදු පන්දුවාරයක් හෝ නොයවා අත්හැර දැමීමට සිදුවිය. එ් අනුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙක අද දිනයට කල් දැමීමට සංවිධායක කමිටුව පියවර ගත්තේය.


 තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පස්වරු 2ට දසුන් ශානකගේ


 නායකත්වයෙන් යුත් ‘ගේ‍්‍ර’ කණ්ඩායම සහ අශාන් පි‍්‍රයංජන්ගේ නායකත්වයෙන් යුත් ‘ගී‍්‍රන්’ කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබිණි. අනතුරුව රාතී‍්‍ර 7ට ධනංජය ද සිල්වගේ නායකත්වයෙන් යුත් ‘බ්ලූ’ කණ්ඩායම සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ‘රෙඞ්’ කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබිණි. එ් අනුව එම තරග දෙක එම අදාළ වේලාවටම අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙන බව තරග සංවිධායක කමිටුව දැනුම් දී සිටී.


 තරගාවලියේ දෙවැනි දිනය වන හෙට දිනයේදී (14 වැනිදා* සවස 2ට ‘රෙඞ්’ සහ ‘ගේ‍්‍ර’ කණ්ඩායම අතර තරගයත් සවස 7ට ‘බ්ලූ’ සහ ‘ගී‍්‍රන්’ කණ්ඩායම අතර තරගයත් පැවැත්වීමට නියමිතව තිබේ.

devaina news paper

No comments

Ads Place