Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝහල්වල කොරෝනා රෝගීන් මියයනවා: බුද්ධි අංශ එවා හෝ මේවා සොයා බලන්න… කරාපිටියේ වෛද්‍යවරයෙක් ජනපතිගෙන් ඉල්ලයි

 ”රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් විශාල ගණනක් මියයනවා. එය නවතාලීමට වහාම පියවර ගන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා’’ යැයි කරාපිට...


 ”රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් විශාල ගණනක් මියයනවා. එය නවතාලීමට වහාම පියවර ගන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා’’ යැයි කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයකු වන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා දැඩි හැ`ගීම්බරව මාධ්‍ය වෙත පැවසීය.


 ‘‘රෝහල් මෝචරිය අසලින් එනවිට මිනිස්සු මැරිල ඉන්න ප‍්‍රමාණය පේනවා. මැරෙනවා වළලනවා හැරෙන්නට අන් දෙයක් දකින්නට නැහැ. බුද්ධි අංශ නිලධාරීන් හෝ එවා මේ ගැන විමසා බලන්න. දත්ත අතේ තියාගෙනයි මේ ගැන මම කථා කරන්නේ’’ යැයිද වෛද්‍ය උදාර සම්පත් මහතා ස`දහන් කළේය.


 කොරෝනා ආසාදිත ආබාධිත අයකු කරාපිටිය රෝහලේ ගේට්ටුව අසලදී පසුගියදා හුස්ම ගැනීමට නොහැකිව දැඩි වේදනාවකට පත්ව සිටියා. පැය හතරක පමණ කාලයක් එසේ වි`දවමින් සිටි ඔහු අවසානයේ මරණයට පත්වූවා. එම පුද්ගලයා එසේ වි`දවමින් සිටියදී බියට පත්වූ කිසිවකු ඒ අසලටවත් නොපැමිණි බවද වෛද්‍ය උදාර සම්පත් මහතා වැඩිදුරටත් ස`දහන් කළේය.

devaina

No comments

Ads Place