Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බල පෙරලි මැද ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පුහුණුකරු ධූරය ශ්‍රී ලාංකිකයෙකුට

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. එරට ක්‍රිකට් ආ...


ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. එරට ක්‍රිකට් ආයතනය ඊයේ ඒ බව නිල වශයෙන් නිවේදනය කළා.


44 හැවිරිදි අවිශ්ක ගුණවර්ධනට ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් මීට පෙර දූෂණ චෝදනා එල්ල කර තිබූ නමුත්, පසුගිය මැයි මාසයේ දී ඔහුව එම චෝදනාවලින් නිදහස් කළා. ඒ අනුව මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට ඔහුට කිසිදු බාධාවක් නැහැ.


අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට හා එක්දින තරග 61 කට ක්‍රීඩා කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර්යය මණ්ඩලයේ සාමාජියෙකු ලෙස ද මීට පෙර කටයුතු කළා. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ මීළග තරඟාවලිය පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.


මේ වන විට ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලේබාන් සංවිධානයේ යටතට පත්ව ඇතත්, ක්‍රිකට් ක්‍රීඩාවට ඉන් බලපෑමක් සිදු නොවනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

nethnews

No comments

Ads Place