කොරෝනා වෛරසය ආසාදනය වී නිවසේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් තමන් ආසාදිතයින් බවට පරීක්ෂණ මඟින් තහවුරු වූ දින සිට අවම වශයෙන් දින 14 ක් හෝ රෝග ලක්ෂ...
කොරෝනා වෛරසය ආසාදනය වී නිවසේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් තමන් ආසාදිතයින් බවට පරීක්ෂණ මඟින් තහවුරු වූ දින සිට අවම වශයෙන් දින 14 ක් හෝ රෝග ලක්ෂණ සුව වන තුරු නිවසේ රැඳී සිටීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
නිවසේ ප්‍රතිකාර ලබන රෝගියෙකු සුව වූ පසු නිවසේ රැඳී සිටිය යුතු අනිවාර්්‍ය දින ගණනක් ප්‍රකාශ කර නැතත් රෝග ලක්ෂණ පහව යාමෙන් පසුවද සති කිහිපයක් අනවශ්‍ය ලෙස වෙහෙසීමෙන් වැළකිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
මේ වන විට කොවිඩ් ආසාදිත පුද්ගලයින් දහස් ගණනක් වෛද්‍ය උපදෙස් මත නිවසේදී ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත් එවැනි රෝගීන් සුව වූ පසු ඒ පිළිබඳ නිශ්චිත තහවුරුවක් ලබා ගැනීම සඳහා පී.සී.ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙන්නේ නැහැ.
noizetv
No comments