Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මරණවලට ජනාධිපති-ආණ්ඩුව වගකිව යුතුයි…

  නියමිත වේලාවට කොරෝනා එන්නත ලබා නොදීම නිසා මිය යන ජනතාවගේ ජීවිතවල ජනාධිතිවරයා සහ ආණ්ඩුව වග කිව යුතු බවත්, මේ ආකාරයට ජනතාව මිය යාමට ඉඩ දී ...


 නියමිත වේලාවට කොරෝනා එන්නත ලබා නොදීම නිසා මිය යන ජනතාවගේ ජීවිතවල ජනාධිතිවරයා සහ ආණ්ඩුව වග කිව යුතු බවත්, මේ ආකාරයට ජනතාව මිය යාමට ඉඩ දී බිලි පුජාවක් කරනවාදැයි ප‍්‍රශ්ණ කරන බවත්, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රි මනුෂ නානායක්කාර පැවසුවේය.

කොරෝනා රෝගීන් වාර්තාවීම සම්බන්ධයෙන් ආණ්ඩුව දිනපතා වැරදි දත්ත ඉදිරිපත් කරමින් සිටින බවත්, වැරදි දත්ත ඉදිරිපත් කළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා ආකාරයට වැරදි දත්ත ඉදිරිපත් කරන නිලධාරීන් අත්අඩංගුවට ගන්නේදැයි ප‍්‍රශ්ණ කරන බවත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

අද වන විට කොරෝනා තත්වය බරපතල ලෙස ජනතාවගේ ජන ජීවිතයට මෙන්ම ජීවිතවලට බලපෑම්කරමින් සිටිනවා. කොරෝනා අර්බුදයට ගත යුතු පියවර ගැන 2020 අවුරුද්ද ආරම්භයේදීම විපක්ෂනායකවරයා කතා කරන විට ආණ්ඩුව ඒ ගැන උපහාසයෙන් කතා කළා මිස එයට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. ඉක්මනින් වැක්සින් එක ගේන්න ඔ්න කියන විට අපිට උවමනා වෙලාවට ඒක ගේන්නම් කියලා වහසිස් දෙඩවූවා. ඉක්මනින් එන්නත ගේන්න කියලා කියන විට පැණි මුට්ටි ගගට දැමූ ආණ්ඩුව පැණි පොවන්න උත්සාහ කළා. එන්නත්කරණය ප‍්‍රමාද කිරීමට කටයුතු කළා.

දැන් මැරෙන්නේ හැටට වැඩි අය කියලා ආණ්ඩුව කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය එන්න්තකරණයේ ප‍්‍රමුඛතා ලේඛනයක් ඉදිරිපත් කළා. කොවිඩ ව්‍යාප්තිය නතර කිරීමට කටයුතු කරන වෛද්‍ය අංශයේ අයට, ආරක්ෂක අංශයේ අයට මුලින්ම එන්නත දෙන්න කියලා කිව්වා. ඉන් පසුව වයස්ගත පුද්ගලයාගේ සිට එන්නත් කරන්න කියලා කිව්වා. ඒත් ලංකාවේ පැණි පොවමින් ඉදලා, මුට්ටි ගගට දමමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොතකා කටයුතු කළා. තමන්ගේ හිතවතුන් ඉන්න ක්ෂේත‍්‍රවලට මුලින් එන්නත දුන්නා. ප‍්‍රතිපත්තියක් ලෙස හැටට වැඩි අයට එන්නත ගැහුවේ නැහැ.

අද මැරෙන අයගෙන් බහුතරය එන්නත් දෙකම ගහපු නැති අය නම් ඒකේ වරද කාගේද? එන්නත මිනිස්සුන්ට කඩෙන් අරගෙන ගහන්න බැහැනේ. එන්නත නොගැසීම නිසා සිදුවන සෑම මරණයකටම ආණ්ඩුව වගකිව යුතුයි. ඒ විතරක් නෙමෙයි, ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අනුව හැටට වැඩි අය වැඩියෙන් මැරෙන බව ආණ්ඩුවේ සංඛ්‍යාලේඛනවලින් පෙන්වනවා. එහෙනම් හැටට වැඩි අයට එන්නත ගහන්නේ නැහැ කියලා තීරණයක් ගත්තේ කවුද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පිටින් ගිහින් හැටට වැඩි අයට එන්නත් නොගැසුවේ මේ උද්දච්ඡු ආණ්ඩුවයි. වෛද්‍ය නිර්දේශ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පැත්තකට දාලා තමයි කටයුතු කළේ.

එහෙනම් මේ වන විට සිදුවන මරණ අතරින්, අවුරුදු හැටට වැඩි, එන්නත ගහපු නැති මරණ සදහා ආණ්ඩුව, ජනාධිපතිවරයා වගකිව යුතුයි. පාස්කු ප‍්‍රහාරයෙන් මරණ දෙසීය හැට අටක් නැතිවුනා. ඒ ජීවිත වගේම මේ වන විට ජීවිත හයදසහකට වඩා වැඩියෙන් නැති වෙලා තියෙනවා. එදා පාස්කු ප‍්‍රහාරයෙන් මිය ගිය ජනතාව සම්බන්ධයෙන් කවුරු හරි වගකිව යුතු වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කටයුතු නොකිරීම නිසා අහිමිවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවිත සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිවයුතුයි.

කොරෝනා තත්වය උත්සන්නවී නිව්මෝනියා තත්වය ඇතිවූ විට ලබාදෙන බෙහෙතක් ගැන විපක්ෂනායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ බෙහෙත මේ වන විට රටේ නොමැති නිසා ඉක්මනින් එය ගෙන්විය යුතු බව ඔහු සදහන් කළා. ජීවිතයත් මරණයත් අතර සටනකට පණ අදින, නිව්මෝනියට තත්වයෙන් දැඩිසත්කාගාරවල ඉන්න අයට ලබාදිය යුතු මේ බෙහෙත අත්‍යවශයයි. පාර්ලිමේනත්ුවට ආපු චන්න ජයසුමන ඇමැතිවරයා කියන්නේ ඉල්ලුමට අනුව සැපයුමක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ බෙහෙත් නැහැ කියන එකනේ. ඇමතිවරයා කියන විදියට ඉල්ලුම වැඩි වෙලා තියෙන්නේ නිව්මෝනියා තත්වයට යන රෝගීන් සංඛ්‍යාව වැඩිවීම නිසානේ.

නියමිත වෙලාවට එන්නත දීලා ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු නොකළ ආණ්ඩුව ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට හරි මේ බෙහෙත් ගේන්නේ නැත්තේ ආණ්ඩුවේ නොහැකියාව නිසා. උද්දච්චකම නිසා. නොහැකියාව වහ ගන්න කට වාචාලකමින් කතා කළාට ප‍්‍රශ්ණ යට ගහන්න බැහැ. ජීවිතයත් මරණයත් අතර ජනතාව සටන් කරන විට පාර්ලිමේන්තුවේදි වෛද්‍ය සැපයුම් ඇමැතිවරයා උජාරුවෙන් හිනාවෙවී කතා කරනවා. වෛද්‍යවරුන් කියන දේ මොවුන් අහන්නේ නෑ. වෛද්‍ය සංගම් දිගින් දිගටම රට වහන්න කියලා කියද්දී අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නේ නැතිව බලාගෙන ඉන්නේ බිලි පූජාවකට සූදානමින් ඉන්න නිසාද?

ජනාධිපතිවරණය අවසන්වුනාට පස්සේ ජනාධිපතිවරයා දත්ත මත පදනම්ව කටයුතු කරන බව පැවසුවා. දැන් ජනාධිපතිවරයා මොන දත්ත මත පදනම්වද කයටුතු කරන්නේ? ඊයේ ගාල්ලේ කොරෝනා රෝගීන් 635ක් වාර්තා වුනා. මාතර 421ක්, හම්බන්තොට 389ක් වාර්තා වුනා. එකතුව 1445යි. ඒත් මුළු ලංකාවෙන්ම වාර්තා වුනේ 3500ක් කියලා කියනවා. දකුණේ විතරක් 1500ක් වාර්තා වන විට ලංකාවේම 3500ක් වුනේ කොහොමද? කෑගල්ලේ, ගම්පහ කොරෝනා රෝගීන් වාර්තාවීමේ වැරදි දත්ත ගැන තියෙන වෙනස්කම් ගැන මාධ්‍යයෙන් වාර්තා කළා. මේ දත්ත බොරු කරලා, දවසට පන්දහසක් හයදහසක් රෝගීන්ගේ දත්ත හංගලා කාවද රවට්ටවන් හදන්නේ. ලෝකයේ ඉස්සරහ මම තමයි හොදමට කළේ කියන්න හදන්නේ.

හෙට අනිද්දා මාධ්‍යයට ඇවිත් මට බොරු දත්ත දීලා තියෙන්නේ, ඒ නිසා මම ඉක්මනට රට වහනවා, මේ දත්ත දීපු අය ගැන පරීක්ෂණයක් කරනවා කියලා කියාවිද දන්නේ නෑ. අපි දන්නා තරමට ඔ්නෑ කමින් තමයි මේ බොරු දත්ත ඉදිරිපත් කරලා තියෙන්නේ.

කොරෝනා ගැන බොරු දත්ත ඉදිරිපත් කළා කියලා මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අරගෙන යනවා. වැරදි දත්ත නිකුත් කරන, රජයේ නිලධාරීන්ට විරුද්ධව ගන්නා කි‍්‍රයාමාර්ග මොනවාද? ඒ වැරදි ඉදිරිපත් කරන්නේ රාජ්‍ය දැනුවත්වීම මතද?

මේවා ගැන තොරතුරු හොයලා ෆේස් බුක් එකට දාන ෆැක්ට් චෙක් ආයතන තියෙනවා. ඒ අයට මේවා පේන්නේ නැද්ද? එතකොට මේවා හිතා මතා ජනතාව මුලාවේ දැමීමටද හදන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේවා පේන්නේ නැද්ද? දැන් ජනතාව මුලාවේ දාන එක පේන්නේ නැද්ද?

වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රසායනාගාර විද්‍යාඥයින් ලොක් ඩවුන් එකකට යන්න කිව්වා. ඒ විතරක් නෙමෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් ගත යුතු පියවර ගැන අවධානය යොමු කළා. ඒත් මේ කිසිම දෙයක් ආණ්ඩුව අහන්නේ නැති නිසා අපි ජනතාව විදියට අපිම ලොක් ඩවුන් වීමට තීරණය කළා. ඒ නිසා තමයි රටේ හැම තැනකම ජනතාව එළියට බහින්නේ නැත්තේ. කඩ සාප්පු වහන්නේ. තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න තැනට ජනතාව පත්වෙලා ඉන්නේ. ආණ්ඩුව ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන කටයුතු නොකරන විට, ජනතාව තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, දෙමාපියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සෙල්ෆ් ලොක් ඩවුන් එකකට ගිහින් තියෙනවා. අපි ලොක් ඩවුන් වෙමු කියන සංකල්පයට ගිහින්.

ආණ්ඩුවක් විදියට ඒක අගය කරන්නේ නැතිව, ජනතාව සෙල්ෆ් ලොක් ඩවුන් වෙන්නේ දේශපාලන උවමනාවකට යැයි කියනවා. දේශපාලන උවමනාවකට නෙමෙයි, ජීවිත ආර්කෂාවට තමයි අපි සෙල්ෆ් ලොක් ඩවුන් එකකට යන්නේ. අපේ ජීවිත අපි බලාගනිමු, අපි ලොක් ඩවුන් වෙමු.

කොරෝනා බෝවීම ගුරු වර්ජන නිසා සිදුවුනා කියලා අණ්ඩුව කියනවා. ගුරු වර්ජන නිසාද, ඇමැතිවරුන්ට කොරෝනා හැදුනේ. කොරෝනා හැදුන අයගෙන් ගුරුවරුන්ගේ ප‍්‍රතිශතය කීයද? ගුරු පොකුරු කීයක් නිර්මාණය වෙලා තියෙනවාද කියලා ආණ්ඩුව පැහැදිළිව කිව යුතුයි. ගුරුවරුන්ගේ පිටින් දාලා ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසාගන්න එපා.

ඊයේ දිනයේදී රනිල් වික‍්‍රමසිංහ හා ගෝඨාභය රාජපක්ෂ කතා කරලා කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සර්වපාක්ෂික සමුළුවක් කැදවීමට තීරණය කරලා තියෙනවා. මුලින්ම සර්ව පාක්ෂික සමුළුවක් කැදවලා රටේ ප‍්‍රශ්ණය වෙනුවෙන් එකතුවිය යුතු බව මුලින්ම කිව්වේ විපක්ෂනායකතුමායි. ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කිව්වා. හිටපු ජනාධිපතිවරයා මේ ආකාරයට සර්ව පාක්ෂික සමුළුවක් කැදවිය යුතු බව පැවසුවා. සියලු දෙනාම එකට එකතුවෙලා මේකට මුුහණ දිය යුතුයි. මේ අවස්ථාව පක්ෂ දේශපාලනය කරන වෙලාක් නෙමෙයි. අපි හැමෝම එකට එකතුවෙලා වැඩ කළ යුතු වෙලාවක්.

ඒත් සරව පාක්ෂික සමුළුව ගැන රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියන විට ආණ්ඩුව එයට එකග වෙන්නේ ඇයි? විපක්ෂයේ අනෙක් පක්ෂ ඒ ගැන මාස ගානක් කිව්වත්, රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියන තුරු බලාගෙන ඉන්නේ ඇයි කියලා අපි අහනවා.

lankacnews

No comments

Ads Place