Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මරණ අනුපාතයෙන් ලංකාව ආසියාවේ පලමු තැනට…

  සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතයෙන් ශ්‍රී ලංකාව, දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයට පත්ව තිබේ. මෙරට දෛනික කොවිඩ්...

 


සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතයෙන් ශ්‍රී ලංකාව, දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයට පත්ව තිබේ.


මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් මිලියනයකට කොපමණද යන අනුපාතය සැලකීමේදී මේ වනවිට දකුණු ආසියානු කලාපයේ රටවල් 8 අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.


ඒ, ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන කොවිඩ් මරණ අනුපාතය 9 ක් වැනි ඉහළ අගයක් ගැනීම හේතුවෙනි.


එම අනුපාතයට අනුව බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්තානය යන රටවල් පිළිවෙලින් එම ලැයිස්තුවේ දෙවන, තුන්වන, සිව්වන, පස්වන හා හයවන ස්ථානවල පසුවෙයි.


මාලදිවයිනෙන් අවසන් දින 19 ක කාලය තුළ කොවිඩ් මරණ වාර්තා වී නොමැති බව සඳහන් වෙයි.


භූතානයේ කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වාම සිදුව ඇත්තේ මරණ 3ක් පමණි.


මීට පෙර ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ පසුවුණත් පසුගිය දින 10ක පමණ කාලය තුළ දෛනික මරණවල සීඝ්‍ර වර්ධනයත් සමග ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ඇති බව පෙනී යයි.

lankacnews

No comments

Ads Place