Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජලාශයේ පාවෙමින් තිබු කොටි සිරුරක් සොයා ගැනේ…

  මස්කෙලිය කැනියොන් ජලාශයේ පාවෙමින් තිබු හොදින් වැඩුණු කදුකර කොටියෙකුගේ මල සිරුරක් සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂ...

 


මස්කෙලිය කැනියොන් ජලාශයේ පාවෙමින් තිබු හොදින් වැඩුණු කදුකර කොටියෙකුගේ මල සිරුරක් සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණතිලක මහතා පැවසිය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැනියොන් ජලාශයේ ජල මට්ටම  ඉහල ගොස් තිබියදි ජලාශයේ කදුකර කොටියෙකුගේ සිරුරක් පාවෙමින් තිබෙන බවට එම ජලාශ භාර ඉංජිනේරුවන් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යාලය වෙත කල දැනුම් දිමක් මත කදුකර කොටියාගේ සිරුර පස්වරුවේ ගොඩගත් බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

අවු 08 පමණ වයසැති හොදින් වැඩුණු කදුකර කොටියා පිරිමි සතෙකු බවත්, දිග අඩි 6 පමණ සහ උස අඩි 3 පමණ වු කදුකර කොටියා ජලාශය හරහා එගොඩ විමට ගොස් ජලාශයේ ගිලි මිය යන්නට ඇති බවට වනජිවි නිලධාරි සැකකරයි.

මිය ගිය කොටියාගේ සිරුර (07) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මිය ගිය කදුකර කොටියාගේ සිරුර පශචාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට නියෝග කලහ.

lankacnews

No comments

Ads Place