Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඖෂධ හිගය බරපතළ වීමෙන් කොරෝනා රෝගී ජීවිත අවදානමක

 ඖෂධ හිඟය බරපතළ වීම මැද ජන ජීවිත සමග ආණ්ඩුව කරන සෙල්ලම වහාම නවත්තන්නැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරය...


 ඖෂධ හිඟය බරපතළ වීම මැද ජන ජීවිත සමග ආණ්ඩුව කරන සෙල්ලම වහාම නවත්තන්නැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


 එම නිවේදනය මෙසේය.


 රටපුරා මේ වනවිටත් අත්‍යවශ්‍ය ඖෂධ 40ක පමණ බරපතල හිඟයක් ඇතිවී තිබෙන අතර කොරෝනා සහ නියුමෝනියා තත්ත්වයන්ට ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය ද ඒ අතර වන බව වාර්තා වෙයි.


 එයිනුත් සුවිශේෂී ‘ටොසිලිෂුමැබ් (ඔදජසකස‘මප්ඉ* ඖෂධය නොමැතිවීම හේතුවෙන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ඇතිවී තිබෙන තත්ත්වය අතිශය බරපතළය. අදාළ ඖෂධය නොමැති වීම හේතුකොටගෙන විශේෂඥ ශල්‍ය වෛද්‍ය සතිශ් ජයසිංහ මහතා අභාවප‍්‍රාප්ත විය. එතුමා මෙරට බිහිවූ අග‍්‍රගණ්‍ය වෛද්‍යවරයකු වන අතර වෛද්‍යවරුන් රැුසකගේම ගුරුවරයා ද විය. 2021 මැයි 4 මෙම ඖෂධය පිළිබඳව පළමු වරට අපි පාර්ලිමේන්තුවේ දී සිහිපත් කළ අතර එය පාර්ලිමේන්තු හැංසාඞ් වාර්තාවේ තීරු අංක 81හි ඇතුළත්ව තිබේ.


 උද්ගතව ඇති ඖෂධ හිඟය පිළිබඳව අප අවස්ථා කිහිපයකදීම දැනුවත් කිරීම් කළ අතර ඒ සියල්ලටම ආණ්ඩුව පාර්ශවයෙන් ලැබුණේ උපහාසය, අපහාසය සහ නොසලකා හැරීම පමණි.


 අප කිසි විටෙක ඖෂධ නිර්දේශ කිරීම් සිදු නොකළ අතර අප නිරන්තරයෙන් අවධාරණය කළේ සෞඛ්‍යය විශේෂඥයන්ගේ මතය බව පැවසිය යුතුමය.


 පසුගිය ජුනි 4වෙනිදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අපි මේ ඖෂධ හිඟය පිළිබඳව දැනුවත් කළ අතර වහාම තාක්ෂණික කමිටුවක් හරහා හෝ කි‍්‍රයාත්මක වීමේ පවතින දැඩි ඖෂධ හිඟයට විසඳුම් සෙවීම ආණ්ඩුව විසින් කල් නොදමා කළයුතු ප‍්‍රමුඛතම කටයුත්තක් බව අදාළ නිවේදනයෙන් අවධාරණය කළෙමු. අවසන් වරට පසුගිය අඟහරුවාදා (17 දා* අපි මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී අතිශය සත්භාවයෙන් ආණ්ඩුවට සිහිපත් කරන විට ඊට ආණ්ඩුවේ අමාත්‍යවරයකු ලබා දුන්නේ, ආණ්ඩුවටම වැළඳී ඇති උද්දච්ච මහන්තත්වය උපයෝගී කරගත් වගකීම් විරහිත පිළිතුරකි.


 ඊනියා පැණි ප‍්‍රචාරකයන් ඇමතිවරුන් වී ඇති රටක එහිම නියෝජිතයකු වන ඇමතිවරයකුගෙන් ඊට වඩා වගකීම් සහගත පිළිතුරක් බලාපොරොත්තු විය නොහැක. එහෙත්, ඔවුන්ගේ මේ අමානුෂික වගකීම් විරහිතකම හේතුවෙන් රටට අහිමිවන ජීවිත පිළිබඳව අපට බලා සිටිය නොහැක. ආණ්ඩුව වගවීමත්, වගකීමත් දෙකම දෙවියන්ට භාර දී ඇති අතර එහි ප‍්‍රතිඵලය වන්නේ අද වනවිට කොරෝනා මරණ අතර ඉහළින්ම සිටින අවදානම් සහගත රට බවට අපේ රට පත්වීමය.


 ආණ්ඩුව විසින් අන්තනෝමතික ලෙස කටයුතු කිරීමෙන් ඇතිවූ කොරෝනා ව්‍යාප්තියේ වරද සාහසික ලෙස වෙනත් පාර්ශවවලට පැවරීමට ආණ්ඩුව පිළිකුල් සහගත උත්සාහයක් දරන නමුත් කොරෝනා ව්‍යසනය ආරම්භ වූ මොහොතේ සිට මේ දක්වාම ආණ්ඩුව විසින් සිදු කළ අ¥රදර්ශි, බලලෝභී, උන්මත්තක ක‍්‍රියාවලිය පිළිබඳව නොදන්නා කෙනෙක් නැත.


 මේ මොහොතේ රටේ උද්ගතව පවත්නා බරපතළ තත්ත්වය හේතුකොටගෙන ආණ්ඩුව ප‍්‍රමුඛව කළ යුතු දෙය වන්නේ දින කිහිපයකට හෝ රට අගුලූ දැමීමය. ඒ බව අප අවස්ථා කිහිපයකදීම පුනපුනා ආණ්ඩුවට කියා සිටි අතර නැවත වතාවක් ඒ බව ආණ්ඩුවට සිහිපත් කොට සිටින්නේ ශ‍්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති තත්ත්වයේ අවදානම පිළිබඳව බරපතළ ලෙස සැලකිල්ලට ගෙනය.


 අප ඉදිරිපත් කරන යෝජනා සියල්ලටම ආණ්ඩුව සිනාසීමෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ රටේ අහිංසක ජනතාවට කඳුළෙන් වන්දි ගෙවීමටය.

devaina

No comments

Ads Place