Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෝවිඩ් රකුසා සුරාබදු දෙපාර්තමේන්තුවටත් පනී

  කොවිඩ් ආසාදිතයන් 21 දෙනකු හමුවීම නිසා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ අංශ දහයක් වසා දමා ඇතැයි සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම)ක...

 


කොවිඩ් ආසාදිතයන් 21 දෙනකු හමුවීම නිසා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ අංශ දහයක් වසා දමා ඇතැයි සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම)කපිල කුමාරසිංහ මහතා පවසයි.


මූලස්ථානයේ අංශවලින් සියයට අනුවක් පමණ මේ අනුව වසා දමා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.


මෙසේ වසා දමා ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් අංශය, පර්යේෂණ අංශය, විගණන අංශය, ආයතන අංශය, ගිණුම් අංශය, පරිගණක අංශය, නීති අංශය ඇතුළු අංශ දහයකි.


මෙයට අමතරව කොවිඩ් අවදානම හේතුවෙන් සුරාබදු මත්ද්‍රව්‍ය කාර්යාංශයද රටපුරා සුරාබදු ස්ථාන කිහිපයක්ද වසා දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.


කොවිඩ් ආසාදනයවීමෙන් සුරාබදු නිලධාරියකු මියගොස් ඇතැයිද සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේය.


කොවිඩ් අවදානම මධ්‍යයේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ අංශ කිහිපයක කටයුතු අවම නිලධාරීන් සංඛ්‍යාවක් කැඳවා කරගෙන යන බව කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

lankadeepa

No comments

Ads Place