Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපති යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක!

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක අද (03) පෙරවරුවේ නිරත විය. යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැ...

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක අද (03) පෙරවරුවේ නිරත විය.


යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිවරයා වෙත විශේෂ හමුදා උත්තමාචාර පිළිගැන්වීම ද සිදුවිය.


මෙහිදී මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා ගුවන් සංග්‍රාමික බල සේනාවේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයාට පැහැදිලි කළ අතර එම තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් සහ ජනාධිපතිතුමාගේ චාරිකාව සනිටුහන් කරමින් සමරු තිලිණයක් පිළිගැන්වීම ද හමුදාපතිවරයා අතින් සිදු කෙරිණි.


ගුවන් සංග්‍රාමික බල සේනාවේ විද්‍යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක්කිරීම සහ යුද හමුදා මූලස්ථානයේ “ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය” විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.


 යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ඇති කෞතුකාගාරය ඇතුළු ස්ථාන රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.


ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික ප්‍රධානීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.


ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ




noizetv


No comments

Ads Place