Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළට

  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. රතු පරිප්පු කිලෝවක් රුපියල් 250 ක්, සීනි කිලෝවක් රුපියල් 215 ක්, ල...

 


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති.


රතු පරිප්පු කිලෝවක් රුපියල් 250 ක්, සීනි කිලෝවක් රුපියල් 215 ක්, ලංකා අර්තාපල් කිලෝවක් රුපියල් 300 ක්, ඉන්දීය අර්තාපල් කිලෝවක් රුපියල් 240 ක්, රට ලූණු කිලෝවක් රුපියල් 135 ක් සහ රතු ලූණු කිලෝවක් රුපියල් 400 ක් දක්වා මිල ඉහළ ගොස් තිබුණි.


සිල්ලර වෙළදුන් පවසන්නේ තොග මිල වැඩි වීම හේතුවෙන් පිරිප්පු, සීනි, අල, ලූණු සහ හාල්මැස්සන් කරවල ආදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූ බවයි.


සතොස කිලෝවක් රුපියල් 115 කට අළෙවි කළ රතු සීනි කිලෝවක් අද (26) රුපියල් 120 කට අළෙවි කළ අතර සතොස රතු පරිප්පු කිලෝවක මිල ද රුපියල් 250 දක්වා ඉහළ දමා තිබුණි.


සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසුවේ ඉදිරි දින දෙකේදී සතොසට සුදු සීනි තොගයක් ලැබෙන බවත් ඉන් පසුව සුදු සීනි විවෘත වෙළෛඳපොලට වඩා අඩු මිලට ලබාදීමට බලාපොරොත්තු වන බවත්ය

lankadeepa

No comments

Ads Place