Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වවාගෙන ගැසූ සුද්දා කූඩු

 ගංජා පැළ 07ක් හා ගංජාග‍්‍රෑම් 1075ක් සමග හික්කඩුව නානායක්කාර මාවතේ කුලි නිවසක පදිංචිව සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයකු පස්වරුවේ දී අත්අඩංගුවට ගත්...


 ගංජා පැළ 07ක් හා ගංජාග‍්‍රෑම් 1075ක් සමග හික්කඩුව නානායක්කාර මාවතේ කුලි නිවසක පදිංචිව සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයකු පස්වරුවේ දී අත්අඩංගුවට ගත්බැව් හික්කඩුව පොලිසිය පවසයි.


 අත්අඩංගුවට ගත් විදේශිකයා 43 හැවිරිදිවියේ පසුවන අයෙකි. මෙකි විදේශිකයා ගෙවත්තේ බදුන්වල ගංජා වගාකොට තිබූ බවද පොලිසිය පවසයි. මොහු පානය කිරීම සඳහා ගංජා වගාකොට ඇති බවට පොලිසිය සැකකරයි. පොලිසියට ලද තොරතුරකට අනුව විදේශිය ජාතිකයා පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේ දී මෙකී ගංජා පැළ වගා කොට තිබියදී හමුවී ඇත. මොහු මෙරට රැුඳීසිටීම සදහා වීසා ලබාගෙන තිබූ බවද පොලිසිය පවසයි.


 හික්කඩුව පොලිස් ස්ථානාධිපති කේ. පී. ටී. ඩබ්ලිව්. පල්ලියගුරු මහතාගේ උපදෙස් මත උ. පො. ප. ජානක ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකාර විදේශිකයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

devaina news paper

No comments

Ads Place