Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් නිසා තිදරුපියෙකු හා තිදරුමවක් මියයයි

කොවිඩ් නිව්මෝනියාව වැළදිමෙන් තිදරුපියෙකු හා  තිදරු මවක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි ඊයේ (11) පැවති පශ්චාත් මරණ පරික්ෂණවලදි ...


කොවිඩ් නිව්මෝනියාව වැළදිමෙන් තිදරුපියෙකු හා  තිදරු මවක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි ඊයේ (11) පැවති පශ්චාත් මරණ පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.


මියගොස් ඇත්තේ 76 හැවිරිදිවියේ පසුවන  කටුදම්පේ දොඩන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හා ගාල්ල දඩැල්ල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදිවියේ පසුවන  තැනැත්තියක්.


 තිදරුපියා සෙම හතිය දියවැඩියාව වැනි රෝග හේතුවෙන් ඉකුත් 03 වැනිදින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට තිබෙනවා.


රෝහලේ දි ඇන්ටිජන් පරික්ෂණයක් සිදුකොට ඇති අතර එහිදි කොවිඩ් වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වී තිබෙනවා.

 

මිය යාමෙන් පසුව කරණු ලැබු PCR  පරික්ෂණයේ දි කොවිඩ්  වෛරසය වැළදි ඇති බවට තහවුරුවී තිබෙනවා.

 

තිදරු මවද උණ සෙම ආදි  රෝග ලක්ෂ නිසා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇත


රෝහලට ඇතුලත් කරණ අවස්ථාවේ දි කරණු ලැබු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ දි  මෙකි තැන්තියට කොවිඩ් වෛරසය ආසාදනයවි ඇති බවට තහවුරුවි තිබෙනවා.

 

මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණ ගාල්ල අතිරේඛ හදිසි මරණ පරික්ෂකවරයා විසින් සිදුකර තිබෙනවා.

nethnews

No comments

Ads Place