Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උපදින විට ඇපල් ගෙඩියක් පමණ බරැති වූ බිළිඳා!

  උපදින විට ලොව මෙතෙක් වාර්තා වී ඇති බරින් අඩුම බිළිඳා පිළිබඳ තොරතුරු සිංගප්පුරුවෙන් වාර්තා වෙයි. එම බිළිඳා උපදින විට බර ග්‍රෑම් 212ක් පමණ ව...

 


උපදින විට ලොව මෙතෙක් වාර්තා වී ඇති බරින් අඩුම බිළිඳා පිළිබඳ තොරතුරු සිංගප්පුරුවෙන් වාර්තා වෙයි.


එම බිළිඳා උපදින විට බර ග්‍රෑම් 212ක් පමණ වී ඇති අතර එය සාමාන්‍යයෙන් ඇපල් ගෙඩියක බරට සමාන වී ඇති අතර මාස 13ක් පමණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාව ලැබීමෙන් පසුව ඇයගේ වැඩීම යථා තත්ත්වයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය පැවසීය.


ක්වෙක් යූ ෂුආන් උපදින විට දිගින් සෙන්ටි මීටර් 24ක් පමණ වූ බවද සඳහන් වේ. මේ වනවිට ඇයගේ බර කිලෝ ග්‍රෑම් 6.3කි.


ඇය ඉපදී ඇත්තේ සති 25ක් පිරීමටත් පෙර වන අතර සාමාන්‍යයෙන් දරුවකු බිහිකිරීමක් සිදුවන්නේ පිළිසිඳගෙන සති 40කට පසුවය.

  

මීට පෙර අදාළ වාර්තාව හිමිකරයෙන සිටියේ 2018දී අමෙරිකාවේ දී උපත ලැබූ බිළින්ඳියකි. ඇය උපදින විට ග්‍රෑම් 245ක් වූ බව සඳහන් වෙයි.


noizetv

No comments

Ads Place