Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙවැනි එන්නත දුන්නොත් මහනුවර ඩෙල්ටාවෙන් බේරගන්න පුළුවන්.. ඒත් ප‍්‍රමාදයි…

  මහනුවර දිස්ත්‍රික්කය ප්‍රධාන කන්ද උඩරට පළාතට දෙවැනි එන්නත හැකි ඉක්මනින් ලබාදෙන්නැයි කොළඹදී අදහස් දක්වමින් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ල...


 මහනුවර දිස්ත්‍රික්කය ප්‍රධාන කන්ද උඩරට පළාතට දෙවැනි එන්නත හැකි ඉක්මනින් ලබාදෙන්නැයි කොළඹදී අදහස් දක්වමින් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍ර‍්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීය.

ඔහු එහිදී මෙසේද අදහස් පල කලේය.

‘කොවිඩ් වසංගතය අද රටපුරා සීග්‍රයෙන් පැතිරෙනවා. මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ඉන්න වෛද්‍යවරුන්ට මම කථා කෙරුවා. ඔවුන් කිව්වා කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය තවමත් මහනුවර ප්‍රදේශයේ ව්‍යාප්ත වෙලා නෑ කියලා. හැබැයි දෙවැනි එන්නත දුන්නොත් මහනුවර දිස්ත්‍රික්කය ප්‍රධාන කන්ද උඩරට පළාත් බේරගන්න පුළුවන් බව වෛද්‍යවරු මට පැවසුවා.

ඉතිං මම රජයට කියන්නේ ඉතාමත් ඉක්මනින් දෙවැනි එන්නත මහනුවර දිස්ත්‍රික්කය ප්‍රධාන කන්ද උඩරට පළාතට ලබාදෙන්න. මොකද වෛද්‍යවරු කියනවා දෙවැනි එන්නත ඉක්මනින් ලබාදුන්නොත් කන්ද උඩරට පළාත්වල මේ වෛරසය පැතිරීම වලක්වන්න පුළුවන් කියලා. මොකද පළවෙනි ඉන්නත දෙන කොට සමහර ස්ථානවල එන්නත් ලාභීන්ගෙන් මේ අය අත්සන් ගත්තා දෙවැනි එන්නත අවශ්‍ය නෑ කියලා.

ඇත්ත වශයෙන්ම මහනුවර ජනතාවගේ හිතේ කුකුසක් තියෙනවා කවදා දෙවැනි එන්නත ලැබෙයිද කියලා. ඉතින් මම රජයට කියනවා හැකි ඉක්මනින් දෙවැනි එන්නත ලබාදෙන්න කියලා.

ඒ වගේම අද මත දෙකක් තියෙනවා මේ වෛරසය පාලනය කිරීම ගැන. වෛද්‍ය සංගම් සියල්ල කියනවා රට වහන්න කියලා. නමුත් කාර්්‍ය සාදක බලකාය කියනවා රට විවෘත කරන්න කියලා. ඒ අය රට විවෘත කෙරුවා, රාජ්‍ය සේවකයන්ට වැඩට එන්න කිව්වා, බස් සේවාව ආරම්භ කෙරුවා.

මේ අවස්ථාවේදී අපි හමුදාවේ දායකත්වය අගය කරනවා ඒ අයගේ සේවාව සුළු කොට තකන්න බෑ. මේ වගේ එන්නත් ප්‍රමාණයක් මෙතරම් ඉක්මනින් ජනතාවට ලබාදෙන්න පුළුවන් වුනේ හමුදාවේ දායකත්වය නිසයි. නමුත් අපි වෛද්‍ය මතයත් ගරු කරන්න ඕනේ. මොකද වෛද්‍යවරු තමයි වෛරසය පිළිබඳ දන්නේ.

අපි ලෝකය පුරා බැලුවම බොහෝ රටවල් විවෘත කරලා තියෙන්නේ දෙවැනි මාත්‍රාව දුන්නට පස්සේ. එම නිසා අපි රජයට කියනවා මුළු ලංකාවටම දෙවැනි මාත්‍රාව ලබාදීලා ක්‍රමානුකුලව රට විවෘත කරන්න කියලා.

– මාධ්‍ය ඒකකය.

lankacnews

No comments

Ads Place