Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිවැරදි දත්ත නොමැතිව වසංගතයක් පාලනය කිරීම කළ නොහැකියි!

  නිවැරදි දත්ත නොමැතිව වසංගතයක් පාලනය කිරීම කිසිසේත් ම සිදුකළ නොහැකි බව මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ “අ...

 


නිවැරදි දත්ත නොමැතිව වසංගතයක් පාලනය කිරීම කිසිසේත් ම සිදුකළ නොහැකි බව මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.


ඔහු මේ බව කියා සිටියේ “අද දෙරණ බිග් ෆෝකස්” වැඩසටහනට අද එක්වෙමිනි.


“දත්ත නැතුව මේක කළමණාකරණය කරන්න බෑ. රියල් ටයිම් ඩේටා පැය 24ම වැඩ කරන සෙන්ටර් එකක් තියෙන්න ඕනේ. ඒක හදන්න අමාරු නෑ. හොඳම මොළ ටික ගෙදර ඉන්නේ. මොරටුවේ විශ්වවිද්‍යාල සිසුන් නිකන් ඉන්නේ. ඒ අය ටික්ටොක්වල හරි කොහේ හරි ඉන්නවා ඇති. ඒ අයව ගෙනල්ලා හරියට ප්ලෑන් කරලා දුන්නොත් දවසින් දෙකෙන් හදයි.”


දෛනිකව හමුවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවමින් පෙරේදා (11) නව ආසාදිතයින් 2,987 දෙනෙකු හඳුනාගනු ලැබීය.


මෙලෙස දෛනික ආසාදිතයින් ගණන 2,500 ඉක්මවා ගියේ අඛණ්ඩව අටවන දිනටය.


ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ අතර එම සංඛ්‍යාව 468කි.


කොළඹින් 310ක් සහ ගාල්ල දිස්ත්‍රික්යෙන් ආසාදිතයින් 269 දෙනෙකුද ඊයේ වාර්තා වී තිබුණි.


මෙවැනි පසුබිමක රජය අද මාධ්‍ය වෙත නිකුත්කළ දත්ත අනුව ආන්දෝලනයට තුඩු දුන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගෙන ඇත්තේ ආසාදිතයින් 35 දෙනෙකු පමණක්වීම විමතියට කරුණකි. 


නමුත් පසුගියදා රැස්වූ ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී අනාවරණ වූයේ අගෝස්තු 01 වනදා සිට අගෝස්තු 09 දක්වා දින 9 සැලකීමේදී එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12,555 දෙනෙකු වාර්තා වී ඇති බවය.


නමුත් රජය නිකුත් කළ දත්ත අනුව එම දින 09 තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 3,629 දෙනෙකු පමණි.


ඒ අනුව ආසාදිතයින් 8,900කට වැඩි පිරිසක් පිළිබඳව තොරතුරු රජයේ දත්තවල අන්තර්ගත වී තිබුණේ නැත.


මේ අතර, තවත් කොවිඩ් මරණ 124 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරනු ලැබීය.


මෙම මරණ සිදුව තිබුණේ අගෝස්තු 10 වනදා ය.


එය දිනක් තුළ මෙරට සිදුවු වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙස සඳහන් වෙයි.


ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,464කි.


මේ අතර, කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දැනට මෙරට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ඊයේ පුද්ගලයින්  360,693 දෙනෙකුට ලබාදී තිබේ.


වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන එක් කෝටි පහළොස් ලක්ෂ තිස් හතර දහස් හත්සිය පනහකි.


මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාවද ලක්ෂ 37 ඉක්මවා තිබේ.


noizetv

No comments

Ads Place