Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිය දෙවන පදක්කම දිනා ගැනීමට ඉන්දියාව සමත් වෙයි

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිය දෙවන පදක්කම දිනා ගැනීමට අසල්වැසි ඉන්දියාව ඊයේ සමත් වුණා. ඒ, බැඩ්මින්ටන් කේවළ කාන්තා ඉසව්වෙන්. එහිදී ...


මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිය දෙවන පදක්කම දිනා ගැනීමට අසල්වැසි ඉන්දියාව ඊයේ සමත් වුණා.


ඒ, බැඩ්මින්ටන් කේවළ කාන්තා ඉසව්වෙන්.


එහිදී ඉන්දියාව නියෝජනය කළ සිඳු පුසාර්ලා වට දෙකට බින්දුවක් ලෙස චීන ක්‍රීඩිකාව පරාජය කරමින් එහි ලෝකඩ පදක්කම ඉන්දියාවට ලබාදුන්නා.


මෙම ඉන්දීය බැඩ්මින්ටන් ක්‍රීඩිකාව 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් කේවළ කාන්තා ඉසව්වේ රිදී පදක්කම ද දිනාගත්තා.


    ඒ අනුව ඉන්දියාව මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් දෙකක් සමගින් පදක්කම් සටහනේ පසුවන්නේ 61 වන ස්ථානයේයි.


චානු සයිකොම් කිලෝග්‍රෑම් 49 කාන්තා බර ඉසිලීමේ ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාවට දිනා දුන්නා.


මේ අතර ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානය දිනාගත් තවත් මළල ක්‍රීඩා ඉසව් කිහිපයක් අද පස්වරුවේ ටෝකියෝ ඔලිම්පික් තරග බිමේදී පැවැත්වෙනවා. මීටර් දෙසියය කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරග සහ අවසන් පූර්ව තරග අද පැවැත්වීමට නියමිතයි.


පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගද අද පස්වරුවේ පැවැත්වෙනවා. පිරිමි මීටර් 3,000 බාධක දිවීමේ අවසන් තරගය සහ කාන්තා මීටර් 5,000 ධාවන ඉසව්වේ අවසන් තරගයද අද පැවැත්වීමට නියමිතයි.


ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් චීනය පෙරමුණ ගෙන සිටිනවා. ඒ, රන් පදක්කම් 24 ක්, රිදී පදක්කම් 14 ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් දිනා ගනිමින්.


රන් පදක්කම් 20 ක්, රිදී පදක්කම් 24 ක් සහ ලෝකඩ පදක්කම් 16 දිනාගනිමින් අමෙරිකා එක්සත් ජනපදය පදක්කම් සටහනේ 2 වන ස්ථානයේ පසු වනවා.


සත්කාරක ජපානය රන් පදක්කම් 17 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 9 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ පසුවන්නේ 3 වන ස්ථානයේයි.


මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන මැතිල්ඩා කාල්සන් සහභාගි වන අසුන් පැන්නවීමේ කාන්තා තරග ඉසව්ව හෙට පැවැත්වෙනවා.


එම තරග ඉසව්ව මෙරට වේලාවෙන් හෙට පස්වරු 3.30 ට ආරම්භවීමට නියමිතයි.

nethnews

No comments

Ads Place