Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදේශ ඇමති ඉන්දියාවට තුති පුදයි

 ශ්‍රී ලංකාව වෙත ඔක්සිජන් ටොන් 140ක ප්‍රමාණයක් කඩිනමින් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට රජයට ස්තුතිවන්ත වන බව...


 ශ්‍රී ලංකාව වෙත ඔක්සිජන් ටොන් 140ක ප්‍රමාණයක් කඩිනමින් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට රජයට ස්තුතිවන්ත වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.


පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ආසාදිත රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දීය ශක්ති නෞකාව ඊයේ (22) දිනයේදීත් තවත් ඔක්සිජන් ටොන් 40ක් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද (23) දිනයේදීත් මෙරටට පැමිණි අතර මෙතරම් කඩිනමින් ඔක්සිජන් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවට මෙරට ජනතාවගේ ස්තුතිය ද හිමිවන බව ඇමතිවරයා සඳහන් කළේය.


කොවිඩ් 19 අසාධිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා, ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් මෙරටට කඩිනමින් රැගෙන ඒමේ ක්‍රියාවලිය නාවික හමුදාව මගින් සිදු කරන ලෙසට ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාට උපදෙස් දී තිබූ අතර ඒ අනුව නාවික හමුදාපතිවරයාගේ මැදිහත්වීමෙන් ඉන්දීය නාවික හමුදාවේ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව මෙම ඔක්සිජන් තොගය මෙරටට රැගෙන ඒම සිදුකෙරිණි.


ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මෙන්ම ඉන්දීය හා ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරුන් ඇතුළු මෙම ක්‍රියාවලියට සම්බන්ධ වූ සියලු දෙනාට ස්තුතිවන්ත වන බව ද ඇමති ජී.එල් පීරිස් මහතා කීවේය.


අතීතයේ සිටම දුෂ්කර අවස්ථාවන්හි දී ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය හිමිවූ බව කී ඇමතිවරයා එම සහයෝගය අඛණ්ඩව ඉදිරියේදීත් අපේක්‍ෂා කරන බව පැවසීය.


ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ සැබෑ කලාපීය මිතුරකු වන අතර එම සබඳතා අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාම තම අරමුණ බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.


තමා විදේශ අමාත්‍යධූරයේ වැඩ භාරගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවූ බවත් එම අවස්ථාවේදී ද ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය ගැන එරට රජයට ස්තුතිය පළ කළ බවත් හෙතෙම පැවසීය.

lankadeepa

No comments

Ads Place