Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ අභාවප්‍රාප්ත වෙයි

 දේශීය සහ විදේශීය සම්මානයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ මහතා අභාවප්‍රාප්ත විය. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 83 වැනි වියේ පසුව...


 දේශීය සහ විදේශීය සම්මානයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ මහතා අභාවප්‍රාප්ත විය. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 83 වැනි වියේ පසුවිය.


ශ්‍රී ලංකාවේ වැඩිම චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූ චිත්‍ර ශිල්පියා ලෙස සැළකෙන සේමගේ මහතා ‘දවස’, ‘ලංකාදීප’ සහ ‘රිවිරැස’ ඇතුළු පුවත්පත් කීපයක චිත්‍ර ශිල්පියකු ලෙස ද කටයුතු කළේය.


බෞද්ධ චිත්‍ර නිර්මාණයට උපන් හපන්කම් දැක්වූ සේමගේ මහතා වෙසක් තොරණ රැසකට චිත්‍ර නිර්මාණයෙන් දායකවී ඇති අතර ඒ මහතා සිංගප්පූරුවේ සහ මැලේසියාවේ බෞද්ධ සිද්ධස්ථානවල චිත්‍ර නිර්මාණය කිරීමෙන් දායක විය.


හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ ‘ගම්උදාව’ වැඩසටහනේ සෑම ගම්උදාවකම ප්‍රධාන තොරණ නිර්මාණය කිරීම ඒ මහතා වසර 10 ක පමණ කාලයක් ඉටු කළේය.


චිත්‍ර ගුරුවරයකු ද සේමගේ මහතා මියයන තෙක්ම චිත්‍ර ඇදීම පිළිබඳව උපදෙස් ලබාදුන්නේය.


අම්බලන්ගොඩ, ධර්මාශෝක විදුහලේ ආදි ශිෂ්‍යයකු වන සේමගේ මහතා සෞන්දර්ය විශ්වවිද්‍යලයේ ලලිත කළා උපාධිධාරියෙකි. ඒ මහතාගේ එකම දියණිය ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිටින්නීය.


ජයසිරි සේමගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (26) පස්වරුවේ සිදුකෙරිණි.

lankadeepa

No comments

Ads Place