Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“දෙවැනි මාත්‍රාවත් දී ක්‍රමානුකුලව රට විවෘත කරන්න’’

  බොහෝ රටවල් විවෘත කර තිබෙන්නේ දෙවැනි මාත්‍රාවත් දුන් පසුව වන හෙයින් ලංකාවටම දෙවැනි මාත්‍රාවත් දී ක්‍රමානුකුලව රට විවෘත කරන්නැයි රජයෙන් ඉල්ල...

 


බොහෝ රටවල් විවෘත කර තිබෙන්නේ දෙවැනි මාත්‍රාවත් දුන් පසුව වන හෙයින් ලංකාවටම දෙවැනි මාත්‍රාවත් දී ක්‍රමානුකුලව රට විවෘත කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.


කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රට වසා තබන්නැයි වෛද්‍ය සංගම් පැවසුවත් කාර්ය සාධක බලකායේ තීරණය අනුව රට විවෘත කර රාජ්‍ය සේවකයන් පවා යළි වැඩට කැඳවා තිබෙන බව කී කිරිඇල්ල මහතා වෛරසයක් ගැන සැබැවින්ම දන්නා වෛද්‍ය මතයට මේ අවස්ථාවේ දී ගරු කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය.


වර්තමානයේ දී හමුදාවේ දායකත්වය සුළුකොට තකන්නට නොහැකි යැයිද එන්නත් ප්‍රමාණයක් මෙතරම් ඉක්මනින් ජනතාවට ලබාදෙන්න හැකි වූයේ හමුදාවේ දායකත්වය නිසා යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කීය.

lankadeepa news paper

No comments

Ads Place