Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටපුරා සාප්පු සංකීර්ණ විවෘත කිරීමට අවසර

  රටපුරා සාප්පු සංකීරණ සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව විවෘතව තැබීමට රජය යළි අවසර දී ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ නිකුත් කළ සෞඛ්‍ය මාර...

 


රටපුරා සාප්පු සංකීරණ සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව විවෘතව තැබීමට රජය යළි අවසර දී ඇත.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයෙන් සියලු සාප්පු සංකීර්ණ වසා දැමිය යුතු බවට දැනුම් දී තිබිණ.


එම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය අද යළිත් වරක් සංශෝධනය කරමින් සාප්පු සංකීර්ණ විවෘත කිරීමට මෙසේ අවසර ලබා දී ඇත.


මේ අනුව සියලු සාප්පු සංකීර්ණ විවෘත කළ හැකි බවත් වරකට ඒවායේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළු කරගත හැකි බවත් එම නව සංශෝධනයෙන් දැනුම් දෙයි.


මේ අතර කොවිඩ්වලින් ආරක්ෂාවීමට ගත යුතු සියලු පියවර ගත යුතු බවත් ආයතනයට ඇතුළත් කරගන්නා පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතු බවත් එහි වැඩිදුරටත් දැක්වේ.


සියලු සාප්පු සංකීර්ණ ඊයේ සිට වසා දැමිය යුතු බවත් සාප්පු සංකීර්ණය තුළ සහ පිටත පුද්ගලයන් රැස්වීම හා විනෝදාස්වාදයන්ට අවසර නැති බවත් මුලින් නිකුත් කෙරුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයේ වැඩිදුරටත් දැක්විණ.

lankadeepa

No comments

Ads Place