Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මරණ වැඩිවුනේ සජිත්-අනුර-ස්ටාලින් පොකුර නිසා..

  කොරෝනාවෛරසය ව්‍යාප්ත වී කොවිඩ් මරණ වැඩිවීමේ වගකීම මුළුමනින් ම භාරගත යුත්තේ ස්ටාලින්, සජිත්, අනුර පොකුර බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහ...


 කොරෝනාවෛරසය ව්‍යාප්ත වී කොවිඩ් මරණ වැඩිවීමේ වගකීම මුළුමනින් ම භාරගත යුත්තේ ස්ටාලින්, සජිත්, අනුර පොකුර බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

සෞඛ්‍ය උපදෙස් නොතකා පසුගිය කාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ආශීර්වාදයෙන් ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ යන මහත්වරුන් ගුරුවරුන් පාරට ගෙනැවිත් උද්ඝෝෂණ සිදුකළ නිසා කොරෝනාවෛරසය පැතිර යාමට අවශ්‍ය පරිසරය සකස් වූ බවත් කොවිඩ් ව්‍යාප්ත කිරීමට ‘කොවිඩ් පොකුරු’ සෑදූ එම දේශපාලන පක්ෂ නායකයන් දැන් රට වහන්නට යැයි පැවසීම විහිළුවක් බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මව්බිම පුවත්පත සමඟ අදහස් දක්වමින් පෙන්වා දී තිබෙනවා.

කොවිඩ් මරණ වැඩිවීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවට චෝදනා කරන මෙම පිරිස සෞඛ්‍ය උපදෙස් නොතකා ගුරු උද්ඝෝෂණ, ගොවි මහතුන්ගේ උද්ඝෝෂණ සංවිධාන කළේ ඇයි ද කියා තමා විපක්ෂයෙන් ප්‍රශ්න කරන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ ලක්ෂ 2ක ජනතාවට එන්නත් නොගන්නා ලෙසට විපක්ෂය ප්‍රකාශ කළද වගකිව යුතු ආණ්ඩුවක් ලෙස කටයුතු කරමින් එම පිරිස එන්නත් කිරීම සඳහා ජංගම රථ යොදාගෙන කටයුතු කළ බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටියේය.

එන්නත්කරණය කිරීමේ වැඩසටහන් කඩාකප්පල් කිරීමට මුල සිට ම විපක්ෂය කටයුතු කළ බවත් එන්නත්වල ප්‍රමිතියක් නොමැති බවත් මෙරට ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බවත් අවසානයටම එන්නත ලබාගන්නේ තමන් බව ප්‍රකාශ කළ සජිත් ප්‍රේමදාස මහතා කාටත් හොර රහසේ එන්නත ලබාගෙන තිබෙන බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.

රට වැසූ විට රට අරින ලෙසටත් රට ඇරිය පසු රට වසන ලෙසටත් කියමින් සටන් පාඨ ඉදිරිපත් කරමින් මේ ආකාරයෙන් කිසිදු වගකීමකින් තොරව කටයුතු කරන බංකොලොත් විපක්ෂයක් ලෝකයේ කිසිදු රටක නොමැති බව ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

lankacnews

No comments

Ads Place