Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේත් වැඩිම කොරෝනා ආසාදිතයින් කළුතර දිස්ත්‍රික්කයෙන්

මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,794 දෙනාගෙන වැඩිම පිරිස කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම දිස්ත්‍රික්කයෙන් වාර්තා...


මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,794 දෙනාගෙන වැඩිම පිරිස කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 548 ක් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.


ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 369 ක්. ආසාදිතයින් 356 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. මහනුවර, යාපනය, අම්පාර, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලින්ද සියය ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දිනයේ වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

nethnews

No comments

Ads Place