Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොළොන්නරුවේ ජනතාවගේ හදවත පරාක‍්‍රම සමුද්‍රයත් විනාශයි….! රළපනාවේ කළුගල් ඉවත් කර ඇවිදින මං තීරුවක් හදනවා!

වැවේ අනිත් පැත්ත මේ වැඬේට ගන්න කීවත් පලක් වුණේ නැහැ…. දැනටමත් වැවේ ජල කාන්දු කිහිපයක් තිබෙනවා පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක...


වැවේ අනිත් පැත්ත මේ වැඬේට ගන්න කීවත් පලක් වුණේ නැහැ…. දැනටමත් වැවේ ජල කාන්දු කිහිපයක් තිබෙනවා


පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කළුගල් ආදිය ඉවත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව එහි කිලෝ මීටර් එක හමාරකට අධික දුරකින් යුත් ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සම්බන්‍ධයෙන් බලවත් විරෝධය පළකරන බව ප‍්‍රදේශයේ ගොවි ජනතාව කියා සිටිති.

තමන් නියෝජනය කරන ගොවි සංවිධානවල විරෝධය නොතකා මෙම ඉදිකිරීම කරන බවද ඔවුහු පැවැසූහ.

පරාක‍්‍රම සමුද්‍රයේ ප‍්‍රධාන සොරොව්වේ සිට දෙකේ ඇළ සොරාව්ව පසුකර දිසාපති නිල නිවස පිහිටා තිබෙන ස්ථානයට ආසන්නය තෙක් මෙම ඇවිදින මං තීරුව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති හා පොළොන්නරුව දිස්ත‍්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ප‍්‍රකාශ කළේය.


මේ සම්බන්‍ධයෙන් මූලික යෝජනා ඉදිරිපත්වූ අවස්ථාවේ සිට තම ගොවි සංවිධානය එයට විරෝධය පළකළ බව ඒ මහතා කීය. එහෙත් එම විරෝධය නොතකා එහි ඉදිකිරීම් ආරම්භකර ඇතැයිද හෙතෙම පැවැසීය. අක්කර අඩි එක් ලක්‍ෂ දාහත් දාහක පමණ ජල ධාරිතාවයක් තිබෙන මේ වැව මාස් කන්නයට දෙතුන් වතාවක් වාන් දමන්න පිරෙනවා. මේ ඇවිදින මං තීරුව ඉදිකරන්න පටන් අරන් තිබෙන්නේ වැවේ ඉතාම සංවේදී කොටසකයි. වැවේ බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන කලූගල් ආදිය බැකෝ යන්ත‍්‍ර යොදා ඉවත් කරමින් මේ ඇවිදින මං තීරුව සකස් කිරීම සඳහා මුලික කටයුතු දැන් සිදුකරනවා. අපි මේ ඉදිකිරීමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වැව පොළොන්නරු ගොවි ජනතාවගේ හදවත බඳු වැවක්. කුඹුරු අක්කර තිස් දාහකට වැඩි ප‍්‍රමාණයකට යල මහ දෙකන්නයේ ජල සැපයෙනවා.



ඒ වගේම පොළොන්නරුව නගරය ඇතුලූව ප‍්‍රදේශ රැුසකට පානීය ජලය සැපයෙන ජල සම්පාදන යෝජනා ක‍්‍රමය සඳහා අවශ්‍ය ජලය ලබා ගන්නේ මේ වැවෙන්. ඒ හැර දිනපතා විශාල පිරිසක් දිය නෑම සඳහා මේ වැව භාවිත කරනවා. ධීවර කර්මාන්තයෙන් දිවි රැක ගන්නා විශාල පිරිසක් මේ වැව ප‍්‍රයෝජනයට ගන්නවා. ඒ අනුව මේ වැව ජනතාවගේ හදවත. මෙහි ඇවිදින මං තීරුවක් හැදීම අවශ්‍යම දෙයක් නම් ඒ සඳහා වැවේ රළපනාව පැත්ත නොවෙයි අනෙක් පැත්ත ප‍්‍රයෝජනය ගන්න කියලා අපි කිව්වා. නමුත් ඒ ගැන ඇහුම්කන් දුන්නේ නෑ. මේ ඉදිකිරීම කරන්නේ අපේ විරුද්ධත්වයට පිටුපාලා.මේ ඉදිකිරීම හේතුවන් වැවේ බැම්මට හානියක් සිදුවීමට බොහෝ ඉඩකඩ තිබෙන බවයි අපේ විශ්වාසය.


දැනටමත් මේ වැවේ ස්ථාන ගණනාවක ජල කාන්දුවීම් තිබෙනවා. ඒ නිසා මේ කටයුත්ත කරන්න එපා කියලා දහස් සංඛ්‍යාත ගොවි ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා. අප මේ සම්බන්‍ධයෙන් පරාක‍්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාගෙන් විමසූවිට ඔහු කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ රුපියල් මිලියන 34ක වියදමින් මේ මංතීරුව ඉදිකරන බවයි. එය කිලෝ මීටර් එකයි මීටර් 700ක දුර ප‍්‍රමාණයකින් යුක්ත බවද ඒ මහතා කීය. මේ වසරේ දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර එය ඉදිකර අවසන් කිරීමට නියමිත බවද ඉංජිනේරුවරයා කීවේය




devaina

No comments

Ads Place