Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් සීනී ගබඩාවකට සීල් තියයි

  පාරිභෝගික කටයුතු අධිකාරියේ සීනි ගබඩා වැටලීමේ මෙහෙයුම යටතේ අද (30) පෙරවරුවේ වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි සීනි ටොන් 4100 ක් ගබඩා කර ති...

 


පාරිභෝගික කටයුතු අධිකාරියේ සීනි ගබඩා වැටලීමේ මෙහෙයුම යටතේ අද (30) පෙරවරුවේ වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි සීනි ටොන් 4100 ක් ගබඩා කර තිබූ ගබඩාවට මුද්‍රා තැබූ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.


මෙම ගබඩාව නීතිවිරෝධී ගබඩාවක් ද නැද්ද යන්න සනාථ කළ හැකි ලියකිවිලි පාරිභෝගික කටයුතු අධිකාරියට ඉදිරිපත් කරන ලෙස එම ගබඩාවේ හිමිකරුවන්ට දැනුම් දුන් බව කී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ලියකියවිලි පරීක්‍ෂා කරන තුරු සීනි තොගය පිළිබඳ ඉදිරි ආධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹිය නොහැකි බව සඳහන් කළේය.


බස්නාහිර පළාතේ පිහිටි සීනි ගබඩා අඛණ්ඩව පරීක්‍ෂා කරන බවත් පාරිභෝගිකයන්ට සාධාරණය ඉටු කිරීමට වගකීමෙන් කිසිඳු අවස්ථාවක බැහැර නොවන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩි දුරටත් පැවසීය.

lankadeepa

No comments

Ads Place