Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට කොවිඩ් මරණ ඉහළ යාහැකි ආකාරය ගැන විදේශීය විශ්වවිද්‍යාලයකින් අනතුරු අඟවයි!

  මෙරට තුළ පවතින කොවිඩ් අර්බුදය තවදුරටත් වර්ධනය වුවහොත් එළඹෙන දෙසැම්බර් මාසය වනවිට මෙරට තුළ සිදුවිය හැකි මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවනු ඇති බව ...

 


මෙරට තුළ පවතින කොවිඩ් අර්බුදය තවදුරටත් වර්ධනය වුවහොත් එළඹෙන දෙසැම්බර් මාසය වනවිට මෙරට තුළ සිදුවිය හැකි මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවනු ඇති බව වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනය හෙවත් IHME ආයතනය පවසයි.


පවතින තත්ත්වය යටතේ දැනට මෙරට තුළ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 100 ඉක්මවන අතර එය තවදුරටත් වර්ධනය වුවහොත් දිනකට මරණ 350ක් දක්වා සිදුවිය හැකි බව එම ආයතනය පෙන්වා දෙයි.


ඒ අනුව දෙසැම්බර් මස පළමු වනදා වනවිට මෙරට තුළ සිදුවිය හැකි මරණ 12,603ක් බව ඔවුන් පුරෝකථනය කර තිබේ.


කෙසේවෙතත් මෙම තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් එම මරණ සංඛ්‍යාව 22,000 දක්වා ද ඉහළ යා හැකි බව එම ආයතනය සඳහන් කරයි.


මේ අතර ඊයේ (12) දිනයේදී මෙරටින් 3,000කට වැඩි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.


ඊයේ වාර්තා වූ ආසාදිතයින් 3,039 දෙනා ද සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 345,118 දෙනෙකු දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.


ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ද 37,199 ක් ලෙස ඉහළ ගොස් තිබේ.


කෙසේවෙතත් සමස්ත ආසාදිතයින්ගෙන් 302,455 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.


පසුගිය 11වැනිදා සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 156ත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,620ක් දක්වා ඉහළගොස් ඇත.

noizetv

No comments

Ads Place