Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජන ජීවිත අනතුරේ හෙලමින් විරෝධතා පවත්වන අපේ රටේ විපක්ෂ නායකයා!

  මෙරට කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රජය එය පාලනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින අතර එහි ප්‍රමුඛතාවය මේ වනවිට එන්නත්කරන ක්‍රියාවලිය කෙරෙහි යොම...

 


මෙරට කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රජය එය පාලනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින අතර එහි ප්‍රමුඛතාවය මේ වනවිට එන්නත්කරන ක්‍රියාවලිය කෙරෙහි යොමු කොට ඇත. පැය 24 පුරා ක්‍රියාත්මක වන එන්නත්කරන  මධ්‍යස්ථාන පවා විවෘත කරමින් සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ෂක අංශ එක්ව මේ වනවිට ලෝකයේ වේගයෙන්ම එන්නත්කරණය සිදු කරන රට බවට පත්ව ඇත.


රජය එසේ ජන ජීවිත ආරක්ෂා කිරීම පිණිස කටයුතු කරද්දී විපක්ෂ නායකයා ප්‍රමුඛ විපක්ෂය බොර දියේ මාළු බාමින් රටේ ඇති වසන්ගතය පවා නොතකමින් රජයට එරෙහිව උද්ඝෝෂණ හා විරෝධතා සංවිධානය කොට ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් ජනතාව ඒකරාශී කරවමින්ය. රජයට එරෙහිව උද්ඝෝෂණ සිදුකිරීමට විපක්ෂයට පුර්ණ අයිතිය ඇත ඒ සඳහා ඉතිහාසයේ ප්‍රමවතාවට වෙනමම ස්ථානයක් පවා වෙන්කර ඇති නමුත් වසන්ගතයකින් බැටකන රටක ඒවා කිරීම සියදිවි හානි කරගැනීමක් බඳු වන්නේ කොවිඩ් සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන නිසාය.


සිය වගකීම් විරහිත ජීවන චර්යාව හේතුවෙන් කොවිඩ් රෝගියකු බවට පත්වූ විපක්ෂ නායකවරයා එම වගකීම් විරහිත ජීවිතය ලොවටම පෙන්වමින් මෙවන් වසංගත අවස්ථාවක ලොව කිසිදු විපක්ෂ නායකයකු නොකරන අන්දමින් සිය පාක්ෂිකයින්ගේ ජීවිත පවා අනතුරේ හෙලමින් කරනා මේ විරෝධතාවල බලාපොරොත්තුව  අනාගතය වුවත් ඒ සඳහා මැතිවරණයකදී චන්දයේ දෙන්නටවත් පාක්ෂිකයින් ආරක්ෂා කරගතයුතුය යන්න මේ මෝඩ පුතාට නොතේරෙන්නේ මන්ද? 


අද දිනයේ විපක්ෂය පැවැත්වූ විරෝධතාවයක චායරුප පහතින්…



noizetv


No comments

Ads Place