Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ආසාදිතව පැයකට නවදෙනකු මියයයි

  කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට දි පැයකට දළ වශයෙන් නවදෙනකු මිය යන බව දෛනික කොවිඩ් මරණ වාර්තාවලින් තහවුරු වී තිබේ. මෙරට කොවිඩ් වයිරසය ආරම්භයෙන් ප...

 


කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට දි පැයකට දළ වශයෙන් නවදෙනකු මිය යන බව දෛනික කොවිඩ් මරණ වාර්තාවලින් තහවුරු වී තිබේ.


මෙරට කොවිඩ් වයිරසය ආරම්භයෙන් පසු ප්‍රථම වරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පෙරේදා (25) 200 සීමාව පසු කළේය.


ඒ අනුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (25) දින තහවුරු කරනු ලැබූ කොවිඩ් මරණ සංඛ්‍යාව 209 ක් වන අතර සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8157කි.


මෙරටදී සිදුවූ සමස්ථ කොවිඩ් මරණ අතුරින් වැඩිම පිරිස වාර්තා වන්නේ වයස අවුරුදු 60 වැඩි අයවලුන්ය.


ඉකුත් අගෝස්තු මස 16 වැනිදා සිට පෙරේදා (25) දක්වා දින 10ක කාලයේදී වාර්තා වූ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1, 894ක් වන අතර, එම කාලය තුළ දළවශයෙන් පැයකට කොරෝනා මරණ හතක් හෝ අටක් වශයෙන් සිදුවී ඇති බවට වාර්තාවලින් තහවුරු වී තිබේ.


කොරෝනා පළමු රැල්ලෙන් 13 දෙනකු, දෙවැනි රැල්ලෙන් 596 දෙනකු, සහ තුන්වැනි රැල්ලෙන් 7548 දනකු වශයෙන් අද (27) වන විට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8157ක් ලෙසින් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

lankadeepa

No comments

Ads Place