Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුරු – විදුහල්පති සටන තවත් දැඩි කිරීමට සැරසෙයි!

  ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් සිදුකෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලට සෙසු ක්ෂේත්‍රවල වෘත්තීය සමිතිවල සහාය ලබාගැනීමට තීරණයකර ඇති ...

 


ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් සිදුකෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලට සෙසු ක්ෂේත්‍රවල වෘත්තීය සමිතිවල සහාය ලබාගැනීමට තීරණයකර ඇති බව වාර්තා වේ.


ඒ අනුව ගුරු වෘත්තීය සමිති සහ මෙරට අනෙකුත් ක්ෂේත්‍රවල වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද (06) දිනයේ පැවැත්වීමට නියමිතය.


මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,


“අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත්ත 44 දෙනාම ඊයේ දිනයේදී ඇප මත මුදා හැරියා අපි දැක්කා. මේ ක්‍රියාව සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්තුමා කරුණු ගණනාවක් පැහැදිලි කළා. අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට අරගෙන යනවා. මෙතෙක් අනුගමනය කළ සියලු වෘත්තීය ක්‍රියාමාර්ග අපි අනුගමනය කරනවා. අපිට යෝජනා වැඩක් නෑ. ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්න. අද අපි සෙසු වෘත්තීය සමිති සමග සාකච්ඡා කරනවා.”

nethnews

No comments

Ads Place