Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘ඩෙල්ටා පැතිරෙනවා.. විරෝධතා නවතන්න..’ විශේෂඥ වෛද්‍යවරුන් ගුරු දෙවිවරුන්ගෙන් යදී..

  23 අවුරුද්දක් පැරණි වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගෙන රට පුරා විරෝධතා අවුලමින් සිටින ගුරු විදුහල්පති වෘත්තීය සංගම් වෙත විශේෂඥ වෛද්‍යවරුන්ග...

 


23 අවුරුද්දක් පැරණි වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගෙන රට පුරා විරෝධතා අවුලමින් සිටින ගුරු විදුහල්පති වෘත්තීය සංගම් වෙත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සිදුකරන ලද ආයාචනයක් මෙහි දැක්වෙයි.

ගුරු විදුහල්පති පරපුර වෙත කෙරෙන විශේෂ ආයාචනය- විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදුනු ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඇතුලු අනෙකුත් සාධාරණ ඉල්ලීම් නොපමාව ඉටු කර දිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වශයෙන් අපගේ විශ්වාසයයි.

කොරෝනා වසංගතය නිසා බිඳවැටුණු පාසල් අධ්‍යාපනය යම් තරමකට හෝ පවත්වාගෙන යාම සඳහා ස්වකීය කාලය සහ ධනය වැයකරමින් රජයේ කිසිදු සහයෝගයක් නොමැතිව මාර්ගගත අධ්‍යාපනය ලබාදීම සඳහා ඔබතුමන්ලා  විසින් කරන ලද කාර්යභාරය ඉතා ප්‍රශංසනීය බව අපගේ අදහසයි.

ගුරුවරුන් වශයෙන් වෘත්තීය සමිති  ක්‍රියාමාර්ග වලට  යොමුවීමට ඔබලාට ඇති නීත්‍යානුකූල අයිතියට බාධා කිරීම කිසිසේත්ම අපගේ අරමුණ නොවේ. දේශපාලකයන් තමන්ගේ ප්‍රතිලාභ නොයෙකුත් අවස්ථාවල වැඩි කරගත් නමුත්, රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරන ඔබලාගේ වෘත්තීයමය ගැටලු විසඳීම පමා කිරීම සැබැවින්ම පිළිකුල් සහගත ක්‍රියාවකි.

රටේ වගකිවයුතු පුරවැසියන් වශයෙන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට කෙලින්ම සම්බන්ධ නිර්දේශපාලනික වෘත්තීයවේදීන් වශයෙන් කොවිඩ් වසංගතය  මුළු රටම  වෙලාගෙන සිටින මේ අභාග්‍යසම්පන්න මොහොතේ අපි ඔබලාගෙන් විශේෂ ආයාචනයක් කරනු කැමැත්තෙමු.

“ඩෙල්ටා” ප්‍රභේදය රට තුළ  වේගයෙන්  ව්‍යාප්ත වෙමින් පවතින  අතර සියලුම රෝහල්වල  ඇඳන් පිරී ඉතිරී ගොස් ඇත. මරණ සංඛ්‍යාවද දිනෙන් දිනම  වැඩිවෙමින් පවතී. මේ තත්ත්වය පාලනය කිරීම් සඳහා  යම් යම් සීමාවන් පැනවිය යුතු බව දැනටමත් අප විසින් රජයට පෙන්වා දී තිබේ.

එබැවින් විශාල වශයෙන් ඒකරාශී වී ඔබලා විසින් පවත්වන උද්ඝෝෂණ ද මෙම රෝගය පැතිරීමට ඉවහල් විය හැකි බව අපගේ අදහසයි.  රෝගය පැතිරීම පිළිබඳව වගකීම් ඔබලා පිට පැටවීමට ද   ඇතැම් දේශපාලකයන් අර අඳින බව පෙනේ. සමාජය තුළ රෝගය පැතිරීමෙන් සාමාන්‍ය මහජනතාවට අත්විය හැකි භයානක ප්‍රතිඵල දැන් දැන් අප ඇස් ඉදිරිපිට දිස්  වෙමින් පවතී. දිනපතා සිදුවන ඒකරාශී වීම් මගින්  ඔබලාද මෙම රෝගයට ගොදුරුවීමේ අවදානම  ඉහළ යනු ඇත.

එම නිසා මෙම මාරාන්තික වසංගතය මධ්‍යයේ අප ජාතියේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ඔබගේ විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවන ලෙස අප සියලුම විදුහ්ලපති සහ ගුරු වෘත්තීය සමිති වලින් ඉතා කාරුණිකව ඉල්ල සිටිමු.

තවද සියලුම විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීමෙන් පසුව පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අප රජයෙන් ඉල්ල සිටිමු.

අවසාන වශයෙන්, විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම් හිතකර අයුරින් සලකා බලා මෙම අර්බුදය විසඳීම සඳහා ඉහළම මට්ටමින් සංවාදයක් ආරම්භ කරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිමු. රාජ්‍ය හා පෞද්ගලික රෝහල්වල සිදුවන තදබල තදබදය අවම කිරීම සහ දිනෙන් දින ඉහළ යන මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා සියලු ආකාරයේ උත්සව හා වෙනත් එක්රැස්වීම් අඩු කිරීමට සහ සංචරණ සඳහා දැඩි සීමා පැනවීමට රජය ගත හැකි සෑම පියවරක්ම ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

lankacnews

No comments

Ads Place