Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් නිසා ගුරුවරියක් මරුට

කොවිඩ් නිව්මෝනියාව වැළදිමෙන් ගුරුවරියක් , විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු ඇතුළු 06 දෙනෙකු මියගොස් ඇති බව ඉකුත් (05) දින ගාල්ල කරාපිටිය ශික්ෂණ ර...


කොවිඩ් නිව්මෝනියාව වැළදිමෙන් ගුරුවරියක් , විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු ඇතුළු 06 දෙනෙකු මියගොස් ඇති බව ඉකුත් (05) දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණවල දි අනාවරණය වී තිබෙනවා.


මියගිය ගුරුවරිය 59 හැවිරිදිවියේ පසුවන දෙදරුමවක්.


ඇය මහආර, උඩවලව ප්‍රදේශයේ පදිංචිකාරියක් .


මෙකි ගුරුවරිය දියවැඩියා රෝගයෙන් පෙලි ඇති අතර කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාවද ලබාගෙන තිබෙනවා.

 

ඇය උදරයේ ඇතිවු ආබාධයක් නිසා 18 වැනිදින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට තිබෙනවා.


රෝහලේ 17 වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිටියදි ඇය ඉකුත් 30 වැනිදින පි.සි.ආර් පරික්ෂණයට ලක්කොට ඇති අතර එහිදි ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී තිබෙනවා.


මියගිය විශ්‍රාමික සෙබලා හික්කඩුව වැරැල්ලාන ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදිවියේ පසුවන සිව්දරුපියෙක්.


ඔහු වසර 08ක පමණ කාලයක සිට අංශභාග රෝගය වැළදිමෙන් නිවසේ එක්තැන්ව සිටි අයෙක්.


ඔහු රෝගි වී ආරච්චිකන්ද රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.


මිය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී තිබෙනවා.

nethnews

No comments

Ads Place