Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් රෝගීන්ට ඇඳන් හිඟයක් නෑ!

  කොවිඩ් ආසාදනය වන සියලු රෝගීන්ට දැඩි සත්කාර ඒකක ඇඳන්වල අවශ්‍යතාව ඇති නොවන අතර සංකූලතා පෙන්නුම් කරන සියලු ආසාදිතයන්ට අවශ්‍ය පරිදි දැඩි සත්කා...

 


කොවිඩ් ආසාදනය වන සියලු රෝගීන්ට දැඩි සත්කාර ඒකක ඇඳන්වල අවශ්‍යතාව ඇති නොවන අතර සංකූලතා පෙන්නුම් කරන සියලු ආසාදිතයන්ට අවශ්‍ය පරිදි දැඩි සත්කාර ඇඳන් ප්‍රතිකාර සඳහා රෝහල් පද්ධතිය තුළ හිඟයකින් තොරව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක කොවිඩ්-19, වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ඊයේ (15) පැවසීය.


දැඩි සත්කාර ඇඳන් 2 කින් ආරම්භ කළ කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම මේ වන විට 189ක් දක්වා ඉහළ නංවා ඇතැයි ද ඒ මහතා කීය.


රට පුරා රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් 648ක් පවතින අතර ඉන් 583ක රෝගීන් සිටින බවත් ඉන් 189ක කොවිඩ් සංකූලතා ඇති ආසාදිතයන් ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.


කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රජය රුපියල් මිලියන 125 ක් වැය කරමින් අලුතින් දැඩි සත්කාර ඒකක ඇඳන් 25ක් ද ස්ථාපිත කරන අතර ආසාදිතයන්ගේ අවශ්‍යතාව අනුව අවශ්‍ය දැඩි සත්කාර ඇඳන් ඉදිරියේදී ස්ථාපිත කරන බව ද හෙතෙම පැවසීය.


දියවැඩියා, හෘද රෝග, වකුගඩු රෝග ඇතුළු සෙසු රෝගවලින් පෙළෙන රෝගීන්ට දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබාදෙන අතරතුරු කොවිඩ් ආසාදිත බරපතළ සංකූලතා පෙන්වන පුද්ගලයන්ට ද දැඩි සත්කාර ඇඳන්හි ප්‍රතිකාර ලබාදීම සිදු කරන්නේ යැයි ඔහු පැවසුවේය.


කොවිඩ් පළමු රැල්ලේදී පැවතියේ දැඩි සත්කාර ඒකක ඇඳන් 6ක් ලෙසද, දෙවැනි රැල්ලේදී 25ක් දක්වා ද, තුන්වැනි රැල්ලේදී 189 දක්වා ද ඉහළ නැංවීම සිදු කළ බව හෙතෙම කීය.

noizetv

No comments

Ads Place