Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සීනි වංචාකාරයන්ට හෙණ ඉල්ලනවා…- චන්දිම වීරක්කොඩි

  සීනි වංචාවට සම්බන්ධ වූ පුද්ගලයන්ට රටේ ජනතාව හෙණ ඉල්ලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි....

 


සීනි වංචාවට සම්බන්ධ වූ පුද්ගලයන්ට රටේ ජනතාව හෙණ ඉල්ලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදීය.

සීනි වංචාවට සම්බන්ධ වු පුද්ගලයින්ට මිනිස්සු හෙණ ඉල්ලනවා. අපේ ගම්වල අහිංසක දුප්පත් මිනිසුන් ශක්තිය වර්ධනය කරගන්න බොන්නේ රෙඩ්බුල් නෙවෙයි. සීනි ටිකක් වැඩි තේ කොප්පයක්. අපේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ග්ලුකෝස් කනවා වගේ, අපේ රටේ අහිසංක කම්කරුවා සිය ශක්තිය වර්ධනය කරගන්නේ සිනි ටිකක් වැඩිපුර දාපු තේ කොප්පයක් බිලා. ඒ කම්කරුවගේ තේ කොප්පයට බලපාන රුපියල් 65ට තිබුණ සීනි රුපියල් 215, 220 තුන් ගුණයකට වඩා වැඩි මිලකට විකුණන එක ගැන කිසිම සමාවක් ලබා දිය යුතු නැහැ.

ජනාධිපති ලේකම්වරයා විසින් මේ රටේ විදේශිය කොටස් සහිත සමාගම් ලියපදිංචි කිරිම නතර කරන්න කියලා සමාගම් ලියාපදිංචි කොමසාරිස් කාර්යාලයට නිතියට පටහැනිව ලිපියක් යවලා නවත්වනවා. ඇයි බැරි මේ අසාධාරණ විදියේ සීනි විකිණිමට පියවර ගන්න. ඒ ජනාධිපති ලේකම්වරයාගේ පෑන ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේ සාහසික අපරාධය නතර කරන ලෙස අපි ජනතාව වෙනුවෙන් ඉල්ලනවා.

අද පරිප්පු කිලෝ එක රුපියල් 250යි. පාරට ගියවිට රුපියල් 2000 නොලැබුණු අහිංසක මිනිසුන් අපිව වටකරගන්නවා. අසාධාරණ විදියට සල්ල උපයන්න එපා කියා සිනි, පරිප්පු, හාල් මිල ඉහළ යවලා ලාභ ලබන උදවියගෙන් ඉල්ලා සිටිනවා

No comments

Ads Place