Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවර එල්මෝ ගුණරත්න අභාවප‍්‍රාප්ත වෙයි – දෙටු පුතු දමිතත් මියයයි

 අභාවප‍්‍රාප්ත වන විට 89 වැනි වියේ පසුවූ ඒ මහතා දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට ‌සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතමයෙකි. කොළඹ ආනන්ද විද්‍යාල...


 අභාවප‍්‍රාප්ත වන විට 89 වැනි වියේ පසුවූ ඒ මහතා දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට ‌සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතමයෙකි.



කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ ගුණරත්න මහතා සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ‘ සිංහලේ පුවත්පතෙනි.


 පසුව ලේක්හවුස් ආයතනයේ සේවයට බැදුණු ඒ මහතා එම ආයතනය රජයට පවරා ගන්නා තෙක් එහි සේවය කළේය.



දමිත ගුණරත්න මහතා

ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමග ඊට විරෝධය පළ කොට ඉල්ලා අස්වූ කිහිප දෙනා අතර එල්මෝ ගුණරත්න මහතාද විය.


 ඉන් අනතුරව තායිලන්තය බලා පිටත්ව ගිය ඒ මහතා බැංකොක් පෝස්ට් පුවත්පතේ ප‍්‍රධාන උපකර්තෘවරයා වශයෙන් කලක් සේවය කළේය.


 අනතුරුව 1978 යළි ලංකාවට පැමිණි ගුණරත්න මහතා එවකට පැවැති ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් රාජකාරී ආරම්භ කළේය.


 එම ආයතනය මගින් මුද්‍රණය කළ ලංකාදීප – සන්ඬේ ටයිම්ස් සහ ඬේලිමිරර් යන සිංහල-ඉංග‍්‍රීසි පුවත්පත් තුනේම එකවර කර්තෘ ධූරය දැරූ ලංකාවේ පළමු සහ එකම පුවත්පත් කලාවේදියා වන්නේද එල්මෝ ගුණරත්න මහතාය.


 එසේම ඩඞ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, එස් ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස වැනි නායකයින් මෙන්ම ලංකා අග‍්‍රාණ්ඩුකාරවරු ලෙස කටයුකු කළ සර් ඔලිවර් ගුණතිලක, විලියම් ගොපල්ලව වැන්නන් මෙන්ම මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමී නායකයින් වන ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, රොබට් ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන වැන්නන් සමඟද සම්බන්ධතා පවත්වමින් මෙරට දේශපාලනයේ බොහෝ පෙරළි මෙන්ම සුවිශේෂී සිදුවීම් සියල්ලන්ට පෙර තම මාධ්‍ය ඔස්සේ රටට හෙළිදරව් කරන්නට එල්මෝ ගුණරත්නයන් එදා පෑ සුරුවිරුකම් අපමණය.


 එමෙන්ම ගුණරත්න මහතා ජනාධිපති සම්මානයෙන් සහ විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.


 ඉන් අනතුරුව ගුණරත්න මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද, ප‍්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද, සමෘද්ධි හා ක‍්‍රීඩා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.


 නැසීගිය නන්ද්‍රා ඩයස් ගුණරත්න මහත්මියගේ ආදරණිය ස්වාමිපුරුෂයා වන එල්මෝ ගුණරත්න මහතා දමිත ගුණරත්න, හර්ෂ ගුණරත්න, තුෂාර ගුණරත්න සහ රජීව් ගුණරත්න යන අයගේ පියාණන්ද වේ.


 එල්මෝ ගුණරත්නයන්ගේ එක් පුත‍්‍රයෙකු වන තුෂාර ගුණරත්න මහතා ලංකාදීප පුවත්පතේ සම කර්තෘවරයා ලෙසත්, මව්බිම පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ සහ මව්බිම සහ සිලෝන් ටුඬේ පුවත්පත්වල කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙසත්, ජනයුගය පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කළ අතර මේ වන විට ඔහු මව්රට පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධූරය හොබවයි. තුෂාර ගුණරත්න මහතාද අංකුර මාධ්‍යවේදීන් බිහිකිරීමේ සහ ඔවුන් පුහුණු කිරීමේ ප‍්‍රවීණයෙකු ලෙස පුවත්පත් කලාවේදීන් අතර ප‍්‍රචලිත නාමයකි.


 මධුක, ලංකේෂ්, තෙවුණි සහ ඩිල්මින් යන මුනුබුරු මිනිබිරියන්ගේ ආදරණීය සීයා වන්නේද එල්මෝ ගුණරත්න මහතාය.


 එල්මෝ ගුණරත්න මහතාගේ වැඩිමහල් පුත‍්‍රයා වන දමිත ගුණරත්න මහතාද හදිසියේම අභාවප‍්‍රාප්ත විය. ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ මාධ්‍යවේදියකු වශයෙන් කලක් සේවය කළ ඒ මහතා පසුගිය (27) දින ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාවප‍්‍රාප්ත වී ඇත.


 දමිත ගුණරත්න මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.


 දමිත ගුණරත්න මහත්මයාණෙනි… එල්මෝ ගුණරත්න නම් වූ විශිෂ්ට නියමුවාණෙනි…..


 ඔබට නිවන් සුව ලැබේවා……!



devaina

No comments

Ads Place