Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෝටි පහක කේරල ගංජා - අයිස් වැල්වැටිතුරෙන් අල්ලයි

 රුපියල් කෝටි 5 ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනකු වැල්වැටිතුරේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික...


 රුපියල් කෝටි 5 ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනකු වැල්වැටිතුරේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදා පවසයි.


ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය,වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ කළ විශේෂ පාමුර සංචාරයකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126 ක පමණ ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ දරුවන් තිදෙනා සහ කැබ් රථයක් භාරයට ගත් බවත් පොලිතීන් උර තොගයක් පටවමින් සිටි පිරිසක් පිළිබඳව කළ වැඩිදුර පරීක්ෂාවේදී,පොලිතින් උර තුනක පාර්සල් 60ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා තොගය සහ ප්ලාස්ටික් ඇසුරුමක සුක්ෂම ලෙස පාර්සල් තුනක් වශයෙන් අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ එම කැබ් රථය නාවික හමුදා භාරයට ගත් බවත් නාවික හමුදාව කියයි.


සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 32ත් 38ත් අතර වයසේ පසුවන කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සැකකරුවන්, කේරළ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරේ පොලීසියට භාරදීමට නියමිතය.



lankadeepa news paper

No comments

Ads Place