Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් නැතිවුනොත් ජනතාව කන්න නැතිව මැරෙයි.. බෙහෙත් නැතිව මැරෙයි..

  විදේශ විනිමය නැතිව මෙරටට ඖෂධ ආනයන කර ගැනීමට නොහැකි වනු ඇති බවත් ජනතාවට කන්න නැතිව මැරෙන්න වනු ඇති බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳ...

 


විදේශ විනිමය නැතිව මෙරටට ඖෂධ ආනයන කර ගැනීමට නොහැකි වනු ඇති බවත් ජනතාවට කන්න නැතිව මැරෙන්න වනු ඇති බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එනිසා කුමන තත්වයක් යටතේ වුවද ආනයන අපනයන ක්‍රියාවලිය හා පොදු හුවමාරුව දිගටම පවත්වාගෙන යා යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

මෙරටින් අපනයන කරන ද‍්‍රව්‍ය රට නොවුවහොත් අවශ්‍ය කරන විදේශීය විනිමය රට තුළට ගෙන ඒමට හැකියාවක් නැති වනු ඇති බවත් පැවසූ ඔහු එසේ වුවොත් ජනතාවට අවශ්‍ය බෙහෙත් හෝ ආහාර නැතිව මිය යනු ඇති බව ද කියා සිටියේය.

පවතින තත්වය යටතේ ඕනෑම වෙළඳසැලක් වසා දැමිය හැකි නමුත් ආනයන අපනයන ක්‍රියාවලිය හා පොදු හුවමාරුව නතර නොකරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

රට වසන තරමට බඩු මිල වැඩි වෙන එක නවත්ත බැරි බවත් එනිසා කඩසාප්පු තමන් වසා දැමුවද ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නොකරන නමුත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවත් පිටකොටුව කිසිම හේතුවක් නිසා වසා නොදමන බවත් ඔහු තවදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place