Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාබුල් නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයින්ට අමෙරිකාව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරයි

කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයේදී පසුගියදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකට පිළිතුරු වශයෙන් අමෙරිකානු හමුදාව විසින් ඉස්ලාමිය රාජ්‍ය ...


කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයේදී පසුගියදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකට පිළිතුරු වශයෙන් අමෙරිකානු හමුදාව විසින් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව පෙන්ටගනය තහවුරු කර සිටිනවා.


මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකේ වගකීම භාර ගත් IS-K නම් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයයි.


නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ පිහිටි IS-K  සංවිධානයට අයත් ඉලක්කයක් වෙත මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවත් එය සාර්ථක වූ බවයි පෙන්ටගනය නිවේදනය කර සිටියේ.


පසුගියදා කාබුල් නුවර ගුවන් තොටුපොළ ආසන්නයේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් අමෙරිකානු හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 170 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්වූවා.


මෙම ප්‍රහාරයෙන් පසුව ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කලේ එම ප්‍රහාරය කිසිදා අමතක නොකරන බවත්, එමෙන්ම ඔවුන්ට සමාව නොදෙන බවයි.


මේ වන විට ඇෆ්ගනිස්ථානය තුළ අමෙරිකානු හමුදා සාමාජිකයින් 5,000ක පිරිසක් රැඳී සිටින අතර ඔවුන් මෙම මස 31 වෙනිදා වන විට එරටින් ඉවත් වීමට සුදානමින් සිටියි.

nethnews

No comments

Ads Place