Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජාතික රෝහලේ මෝචරිය පාර රාත‍්‍රියට මිනී පෙට්ටි පෙරහැරක්..

  ජාතික රෝහලේ මෘත ශරීරාගාරය ආමන්න මාර්ගයේ රාත්‍රී කාලයේදී මෘතදේහ විශාල වශයෙන් රැගෙන යන බව ඒ අසල කාර්යාලයක සේවය කරන්නියක් විසින් තම සමාජ ජාල ...


 ජාතික රෝහලේ මෘත ශරීරාගාරය ආමන්න මාර්ගයේ රාත්‍රී කාලයේදී මෘතදේහ විශාල වශයෙන් රැගෙන යන බව ඒ අසල කාර්යාලයක සේවය කරන්නියක් විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

ඇය මේ බව සඳහන් කරමින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

———

මේ දිනවල රාත්‍රියට ‌වෝඩ් පෙදෙසේ ඇති ජාතික රෝහලේ මෘත ශරීීරාගාරය අසල ගේට්ටුව ජනතාවගෙන් පිරී‌ ගොස් ඇති ආකාරය පිළිබදව ‌ෆේස්බුක් පිටුවක ලියවී තිබූ සටහනක් මෙසේය.

මේ ඊයේ හවස 4 ට විතර මම ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන් ගත්ත ජායාරූපයක්..

මේ ඔයා දකින්නෙ කොළඹ ජාතික රෝහලේ මෝචරිය ඉදිරිපිට ජායාරූපයක්..

මේ ත්‍රීවිල් උඩ ගැට ගහලා ගෙනත් තියෙන්නෙ බොහොම අඩු මුදලට හදපු ( අටෝගත්ත) මිනී පෙට්ටි.

මේ වගේ මිනිපෙට්ටි දෙන්නෙ ආණ්ඩුවෙන් නෙමෙ.. තමුන්ගෙ පවුලේ අයෙක් කොරෝනා නිසා මිය ගියාම ඒ පවුලේ උදවියට අවසන් කටයුතු කරන්න විසි තිස් දාස් ගානක පෙට්ටියක් ගන්න වත්කමක් නැත්නම් ඒ අය මෙහෙම එව්වා ගෙනත් දෙනවා..

මගේ කාර්‍යාලය තියෙන්නෙ මේ ලඟ පාතමයි.. මම වෙලාවකට ඔෆිස් එකේ බැල්කනියෙ ඉදන් ජාතික රෝහලේ මෝචරිය දිහා බලන් ඉන්නවා. ඒ මෝචරිය තමයි දැනට රෝහලේ කාර්‍ය බහුලම තැන වෙලා තියෙන්නෙ..

දුප්පත් මිනිස්සු හැමදාම මෝචරිය ඉස්සරහට ඇවිත් හඬා වැලපෙනවා . සමහරු බිම ඉඳගෙන අහල පහල ගස් බඳාගෙන ඉකි ගහ ගහ පොලවෙ පස් කකා අඬනවා .. හැමදාම හවස 6 ඉදන් පහුවදා පාන්දර 6 වෙනකම් මේ රෝහල් මාවතේ එක දිගට ගාල් කරලා තියෙන්නෙ කොරෝනා මෘත දේහ ආදාහනය සඳහා රැගෙන යාමට සුදානම් කල ගිලන් රථ පමණයි!!

මේ කොරෝනා මෘත දේහ දැන් දවල් කාලයේ ආදාහනාගාර වෙත රැගෙන යන්නෙ නෑ .. ඒක කරන්නෙ රාත්‍රිය පුරාවටයි..

ඉතින් හවස 6 ඉදන් පාන්දර 6 වෙනකන් මේ වෝඩ් ප්ලේස් එකේ මෝචරිය පාර තනිකර මෘත දේහ පෙරහැරක් විතරම විතරයි!!

මට අද දැන ගන්න ලැබුනා මල්ශාලා වල දැන් ඉල්ලුමට සරිලන මිනී පෙට්ටිත් නැහැල්ලු..

ඒ කියන්නෙ ඉස්සරහට ඔබට මේ වගේ අඩු ගානක මිනීපෙට්ටියකවත් අවසන් ගමන් යෑමේ අවස්ථාව නැති වෙනවා. සමහර විට ඔබට මට ඒ ගමන යන්න වේවි පොලිතින් උරයක එතිලා.. සමූහ මිනීවලක සමුහ සූසානයක අපිට එක්ව දැවී යන්ට වෙයි..

එදාට අපිට කෝටි ගාණාක පෙට්ටියක් ගන්න වත්කමක් තිබ්බත් අපේ ලඟම සහෘදයා වෙනුවෙන් ඒ අවම ගරුත්වයවත් දෙන්න බැරි වේවි!!

ඊයේ දිනයේ මරණ 156 ක්!!

සමහර විට අද මේ හුස්ම ගන්න ඔයා මම එයා හෙට death count එකට එකතු වෙලා තියේවි!!

එදාටත් මේ මූසල මාවත ඔහේ කිසි දෙයක් නොදන්න ගානට අපේ අවමංගල පෙරහැරට අවශ්‍ය කරන ශෝකාකූල මූසල පරිසරය මවාවි!!

මේ සටන ඉවර වෙද්දි අපි වටා ඉන්න බොහෝ දෙනා නොකියාම ගිහින් තියේවි!!

lankacnews

No comments

Ads Place