Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජුලි මාසය තුළ ශී‍්‍ර ලංකාවේ අපනය ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි

 2021 ජුලි මාසය තුළ එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවූ අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වී ඇත. ශ‍්‍රී ලංකා රේගු සංඛ්‍යා ලේ...


 2021 ජුලි මාසය තුළ එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවූ අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වී ඇත.


ශ‍්‍රී ලංකා රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය ජූලි මාසයේදී ඩොලර් මිලියන 1,099.41 ක අපනයන ආදායමක් වාර්තා කර ඇති අතර එය මෙතෙක් ඉතිහාසයේ එක් මාසයක් තුළ වැඩිම අපනයන ආදායම වන 2020 ජුලි මාසයේ ඩොලර් මිලියන 1,085 ඉක්මවා යෑමක් බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.


මීට පෙර 2021 මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාව අවසන් වරට ඩොලර් බිලියනයක අපනයන සීමාව පසු කරන ලදී.


ඒ අනුව 2021 මුල් මාස 07 තුළදී ශ‍්‍රී ලංකාව ලබා ඇති මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 6,661.13 කි. මෙය 2020 වසරේ මුල් මාස 07 අපනයන ආදායම වන ඩොලර් මිලියන 5,452.53ට වඩා 22.17% ක ඉහළ යෑමකි.


වැඩිම අපනයන ආදායම ඇඟලූම් අංශයෙන් ලැබී ඇති අතර එය ඩොලර් මිලියන 452.55 කි. එසේම තේ (ඩො.මි. 115.13), රබර් ආශ‍්‍රිත නිෂ්පාදන (ඩො.මි. 96.65) හා පොල් ආශ‍්‍රිත නිෂ්පාදන (ඩො.මි. 76.67) යනාදී වශයෙන් අපනයන ආදායම සඳහා ඉහළ දායකත්වයක් ලබා දුන් අංශ වේ.

devaina

No comments

Ads Place