Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ මඩ බලකාය මොනවා කිව්වත් විපක්ෂ නායක එදා කියූ සියල්ල අද සත්‍ය වෙලා

  දැනට පවතින කොවිඞ් මර්දන සාධක බළකාය විසුරුවා හැර සෞඛ්‍ය අංශවලට වසංගතය මැඬලීමට මූලිකත්වය ලබා දෙන්නැයි සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත‍්‍රික් ප...

 


දැනට පවතින කොවිඞ් මර්දන සාධක බළකාය විසුරුවා හැර සෞඛ්‍ය අංශවලට වසංගතය මැඬලීමට මූලිකත්වය ලබා දෙන්නැයි සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.


 විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (20 දා* පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.


 මේ වසංගතය පිළිබඳව පූර්ණ වශයෙන් අනාවැකි කිව්වේ සජිත් පේ‍්‍රමදාස මහතා. ආණ්ඩුව ගණන් ගත්තේ නැහැ. අපිත් ඇතැම් වෙලාවට කිව්වා ඔබතුමා ඒ ගැන වැඩිය කතා කරන්න එපා කියලා. එසේ කියද්දිත් මේ රටේ සෞඛ්‍ය රැුකගන්න පුදුම විදිහට කැපවීමෙන් කටයුතු කරපු නායකයෙක් තමයි සජිත් පේ‍්‍රමදාස විපක්ෂ නායකතුමා. නමුත් ඒ හැම වෙලාවෙම ආණ්ඩුවට හිතවත් මඩ බළකාය කරේ එතුමාව විහිළුකාරයෙක් බවට පත් කරපු එකයි. එයින් ආණ්ඩුවට වැරදුණා. අද සංඛ්‍යා ලේඛනවලින් බැලූවනම් සජිත් පේ‍්‍රමදාස කියපු කාරණා අනුගමනය කරානම් යම් දුරකට වෛරසය පාලනය කරගන්න තිබුණා.


 මොකද අද වන විට කෝවිඞ් මරණ වැඩිම රටවල් අතරට අපේ රට ඇවිත් තිබෙනවා. ඊයේ දිනයේ මරණ සංඛ්‍යාව මිලියනයකට ප‍්‍රතිශතයක් වශයෙන් බැලූවම අපි ඉන්නේ පළවෙනි ස්ථානයේ. අපේ සමහරු කියනවා නෑ… නෑ… මීට වඩා මැරිච්ච රටවල් තියෙනවා කියලා. ඔව් තියනවා ඇමරිකාව ඉන්දියාව වැනි රටවල් පසුගිය දවස්වල අපි දැක්කේ සුසාන භූමියක් විදිහට. එම රටවල් මේ වනවිට කොරෝනා පාලනය කරගෙන තිබෙනවා. අපේ රට තිබෙන්නේ මරණ සංඛ්‍යාවෙන් ඉහළ ම තැන. ඒ කියන්නේ රන් පදක්කම් ගත්ත රටක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මැරෙන ප‍්‍රමාණය දිනෙන් දින වැඩි වෙනවා මිසක් අඩු වෙන බවක් පේන්න නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මොහොතේ කියනවා ඔවුන්ගේ උපදෙස් පිළිපදින්නේ නැත්නම් මරණ සංඛ්‍යාව ගැන හිතාගන්න බැහැ කියලා.ඒ ගැනවත් හිතන්න කියලා ජනාධිපතිතුමාට අපි අවධාරණනය කරනවා .


 ආණ්ඩුවේ උද්දච්චකම මැති ඇමතිවරුන්ගේ උද්දච්ච කම පහළ ඉන්න මැති ඇමතිවරුන්ගෙත් තියෙනව අපි දැක්කා. පාර්ලිමේන්තුවේ මහාචාර්ය චන්න ජයසුමන මහත්තයා කතා කරපු ආකාරය සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ටොසලිෂුමැබ් ඖෂධය නැහැ කිව්වම මේ උන්නැහේ කියනවා තියෙනවා කියලා. නමුත් වෛද්‍යවරයෙක් කියලා තිබුණා තමන්ගේ පියාට එම ඖෂධය හොයාගන්න බැරුව මියගියා කියලා. මංගල සමරවීර මැතිතුමාට එම ඖෂධය හොයාගත්තේ රට පුරාම පීරලා. චන්න ජයසුමන මහත්තයට අපි කියනවා එන්නත් පහක් තියෙන තැනක් අපිට කියන්න කියලා. එසේ හොයාගන්න නැහැ. ඒ වගේම තවත් ඖෂධ හතළිහක් පමණ හොයාගන්න නැති බවද වාර්තා වෙනවා. කටේ නරිවාදෙ නම් තියෙනවා ඒවා ජයසුමන මහත්තයගේ රෙද්ද පල්ලෙන් බේරිලා තියෙන්නෙ. ඒ නිසා නරිවාදන්වලින් මේ ප‍්‍රශ්න විසඳන්න බැහැ මේවට විසඳුමක් තිබිය යුතුයි. එම නිසා වගකිවයුතු ඇමතිවරයෙක් විදියට විපක්ෂ නායකවරයා යම් දෙයක් ඉස්මතු කරාම ඒ ගැන සත්‍ය තොරතුරු කියන්න ඕන. එය ඇමතිවරයාගේ වගකීම එහෙම නැතුව රස්තියාදුකාරයෙක් වගේ සමච්චලයට මඩ ගහලා වැඩක් නැහැ. ඖෂධ සම්බන්ධ ඇමැතිවරයා වගකීමෙන් කතා කළ යුතුයි. එතුමා කතා කරන ආකාරයට මහාචාර්යවරයෙක් දැයි සැකයක් තිබෙනවා. පැහැදිලිවම අපි කියනවා සජිත් පේ‍්‍රමදාස මැතිතුමා දක්වපු අවධානය පූර්ණ අනාවැකි හැමදේම අද සත්‍ය වෙලා තිබෙන බව.


 අපි දැක්කා ඇමැතිවරු දෙන්නෙක් රට වහනවා නම් රාජ්‍ය සේවක වැටුපෙන් 50% ක් ලබා දෙන්න කියනවා. ඊළඟට ඕකට තමයි එන්නේ කියලා අපි දන්නවා වැටුප් ටික ගෙවාගන්න බැරි වෙනවා. රටේ ඉන්ධන ටික නැති වෙන බව අපි දන්නවා. පසුගිය දිනවල ගුරුවරු වැටුප් සම්බන්ධව අරගල කරද්දී මේ අය කෝවිඞ් රැුල්ල ගුරුවරුන්ගේ පිට දමන්න හදනවා. ඊට කලින් මෙම වසංගතය සමාජගත වී තිබෙන බව පිළිගන්න කියලා ආණ්ඩුවට කියනවා. පළාත් අතර සංචරණ සීමා දමන්නේ විද්‍යාත්මක ක‍්‍රමවේදයකට නෙමෙයි පසුගියදා ගොවියෝ උද්ඝෝෂණ කළා. එය සිදු කළේ. කුඹුරේ නියරේ ඒවායෙන් කොරෝන හැදෙන්නේ නැහැ. ගොවියා ගුරුවරයා කැමති නැහැ කොරෝනා හදාගන්න. එහිදී පොහොර ටික නැති කරේ විපක්ෂය ද, ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් නුදුන්නේ විපක්ෂයේ අපි ද එම නිසා මෙය තත්ත්වය ගොවියාගේ හෝ ගුරුවරයාගේ පිට පටවන්න කිසිම අයිතියක් නැහැ. ආණ්ඩුව කරන්නේ ගෝඨාභය රාජපක්ෂ පවුලේ වැඩි හරියක් ඇමතිවරු එම නිසා ආණ්ඩුවේ අසාර්ථකභාවය ගොවියගේ ගුරුවරයාගේ පිට දමන්න එපා.


 එදා ජනාධිපතිතුමා ජාතිය අමතා පරිප්පු රුපියල් 65 ට දෙනවා කිව්වා. අද 205ක් වෙලා එය සතොසෙ සැමන් 100 ට දෙනවා කිව්වා දැන් 265යි. සතොසෙ එම නිසා ජනාධිපතිතුමා ජාතිය ඇමතුවට කමක් හැබැයි මේ රටේ ජනතාවට විහිළු සපයන්න එපා. හැමදේටම වඩා මර බිය භයානක බව හඳුනාගත් වෙළෙදුන් කඩ වහනවා.


 අද කෝවිඞ් මර්දන බළකායේ අද ඉන්නේ පඹයෝ ටිකක් එම අයට මෙම වසංගතය මර්දනය කරන්න බැහැ. එම නිසා කෝවිඞ් මර්දන සාධක බළකාය විසුරුවා හරින්න ඕන. එසේ කර සෞඛ්‍ය අංශවලට මෙහි මූලිකත්වය ලබාදිය යුතුයි.


 හෙට දිනය කළු සිකුරාදා ලෙස කතෝලික සභාව නම් කරලා එය පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට අමතක නොවන දවසක් නිසා. අපි දැක්කා ඊයේ විශේෂ සිදුවීමක් වුණා. එය ශ‍්‍රී ලංකා පොලිසීය ඉන්න පිරිසක් විසින් නිල ඇඳුමෙන් මහා නායක හිමියන් හමු වුණා. එහිදී පාස්කු කොමිසම් වාර්තාවේ නිගමනයන් වලට විරුද්ධව ඔවුන් කතා කරා. ශ‍්‍රී ලංකා පොලිසියට එහෙම බලයක් තිබෙනවා ද ඔවුන්ටන් මාධ්‍ය අදහස් දක්වන්න බැහැ. ඔවුන් ගියේ කාගෙන් අවසර අරගෙන ද පොලිස් අමාත්‍යවරයා දැනුවත්වද පොලිස්පතිවරයා දැනුවත්ව ද එසේ යන්න ඔවුන්ට නෛතික බලයක් තිබෙනවා ද අපට පෙනී යන්නේ මෙහි පෙර සැලසුම්ක් තිබෙන බවයි. එහි ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් දැයි සොයා බැලිය යුතුයි. ඒ වගේම පොලිසිය භාර ඇමතිවරයාගේ පොලිස්පතිවරයාගේ ස්ථාවරය ගැන සොයා බැලිය යුතුයි. රටේ ජනතාව බලාගෙන ඉන්නෙ පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකාරයා සොයා දෙනකම් අදටත් මහ මොළකාරයෙක් නැහැ. අපිටත් ඕන මහ මොළකාරයා හොයාගන්න තමයි.

devaina

No comments

Ads Place